විසුරුවා ඇති පාර්ලිමේන්තුව යළි කැඳවන්නැයි ඉල්ලා කවුරුන් හෝ අධිකරණයට යොමු වන්නේ නම් ඊට එරෙහිව කරුණු ඉදිරිපත් කිරීම සඳහා නීති විශාරදයන් කණ්ඩායමකගේ සහාය ලබා ගැනීමට ආණ්ඩු පක්ෂය තීරණය කර ඇත.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.ඇල්. පීරිස් මහතාගේ නිවසේ බදාදා (22) රාත්‍රී පැවැති ආණ්ඩු පක්ෂයේ පක්ෂ නායකයින්ගේ විශේෂ හමුවේදී ද මේ සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා වී ඇතැයි වාර්තා වේ.
මහාචාර්ය ජී.ඇල්. පිරිස්, පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ, ඇමති දිනේෂ් ගුණවර්ධන, පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල, ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ, මහින්දානන්ද අලුත්ගමගේ, රෝහිත අබේගුණවර්ධන යන මහත්වරුන් ඇතුළු කණ්ඩායමක් එම සාකච්ඡාවට සහභාගි වී ඇත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...