දේශීය පුවත්

කොවිඩ් 19 ව්‍යප්තියත් සමඟ සයුරේ වැඩි රාජකාරියක් කළ නාවිකයින් ගොඩබිමට පැමිණියේය.

තම ජීවිත අවදානම ද නොතකා රට වෙනුවෙන් ඉදිරියට ආ ඔවුන්ගෙන් කණ්ඩායමක් අද රෝගී වී තිබේ.

ඇතැමුන් එදෙස සැකමුසු බැල්මක් හෙළිම කණගාටුවට කරුණකි.

තිස් වසරක් කුරිරු ත්‍රස්තවාදින් සමග උරෙන් උර ගැටී මව්බිම නිදහස් කරගත් මෙරට ආරක්ෂක අංශ මාර්තු මස 11 වනදා මෙරටින් පළමු කොවිඩ් 19 අසාදිතයා හඳුනා ගැනීමත් සමඟ කොවිඩ් 19 මාරයගෙන් රට මුදා ගැනීමේ සටනටද එක්වුණි.

ආරක්ෂ අංශ වලට අනියුක්ත සියළු නිලධාරින් දිවා රෑ නොබලා කොවිඩ් 19 මැඩලීමට එක්වන විට 53,000කට අධික නාවුක හමුදාවේ නිලධාරින් සහ සෙබළුන්ද සයුරට විරාමයක් තබා ගොඩබිමට පැමිණියේ මනුෂ්‍යත්වය වෙනුවෙන්ය.

එතැන් සිට දිවයින පුරා පිහිටි රෝහල්, මාධ්‍ය ආයතන, රාජ්‍ය ආයතන සහ පොදු ස්ථාන 400කට අධික සංඛ්‍යාවක් මහජන ආරක්ෂාව සඳහා විශබිජහරණය කිරීම සිදුකෙරුණේ මෙරට නාවික හමුදාව අතින්ය.

ළඟ එන උවදුරට මුහුණ දීම සඳහා පහසුකම් ප්‍රමාණවත් නොවු මෙරට සෞඛ්‍ය පද්ධතියට අවැසි කොවිඩ් 19 ප්‍රතිකාර ඒකක කොළඹ මහරෝහල,රාගම ශික්ෂණ රොහල සහ වව්නියාව මුලික රෝහල තුළ ලහි ලහියේ ඉදිකෙරුණේද නාවික හමුදාවේ ශ්‍රම දායකත්වයෙන්ය.

එපමණක් නොව ඔවුන් අතින් කොවිඩ් 19 අසාදිතයන්ට ප්‍රතිකාර කිරීමේදි යොදාගත හැකි නව උපාංගද ඉදිවුණි.

කොවිඩ් 19 මෙහෙයුමට එක්වු නාවික හමුදාව විසින් බුස්ස, කල්පිටිය,සාම්පුර්,නාච්චිකුඩා සහ ඔළුවිල් යන නිරෝධායන මධ්‍යස්ථාන වලදි නිරෝධායනයට ලක්කළ පුද්ගලයින් සංඛ්‍යාව 200කට අසන්නයි.

එසේම අත්‍යවශ්‍ය සේවා කටයුතු වු විශ්‍රාම වැටුප් බෙදාදීම, සතොස භාණ්ඩ බෙදාදීම වැනි කටයුතු සඳහාද පසුගිය සමය පුරාවට නාවික හමුදාව දැක්වු දායකත්වය අතිමහත්ය.

මෙවැනි වටපිටාවක් තුළ නාවික හමුදාවේ බටහිර නාවික විධානයේ බුද්ධි  අංශ මෙහෙයුමක් පසුගිය අප්‍රේල් 10 වන දින ජා ඇල සුදුවැල්ල ප්‍රදේශයේ ක්‍රියාත්මක වෙයි.

එහිදි එක් කොවිඩ් 19 අසාදිතයෙකු හඳුනාගැනීමත් සමඟ අවස්ථා කිහිපයකදි පුද්ගලයින් 100කට අධික සංඛ්‍යාවක් නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කෙරුණි.

මෙම අවස්ථාවේදි රාජකාරියේ නිරත වු නාවික හමුදා සෙබළුන් එම පිරිසගෙන් කොවිඩ් 19 වෛරසය අසාදනය වී ඇති අතර පසුව එය සෙබළුන් 60 දෙනෙකු කරා ව්‍යාප්ත වුණි.

කෙසේ වෙතත් මෙපමණ කල් නාවික හමුදාව දෙස ගෞරවයෙන් සහ සෙනෙහසින් බැලු සමාජයේ ඇතැම් පිරිස් මෙම සිදුවීමත් සමඟ ඔවුන් දෙස සැකයෙන් බැලීමට පටන්ගෙන ඇති බව පෙනී යයි.

ඒ හේතුවෙන් නාවික හමුදා නිලධාරින් සහ ඔවුන්ගේ පවුල්වල පිරිස් මේ වන විට දැඩි අපහසුතාවකට පත්ව සිටිම කණගාටුවට කරුණකි.



One thought on “රට වෙනුවෙන් සයුරේ සිට ගොඩ බැස්ස නාවික විරුවන්ට අත්වු සෝචනීය ඉරණම (Video)”

  1. වෛරසය රන විරුවන්ට කියා විශේෂ සැලකිල්ලක් දක්වන්නේ නැති බව ඒ සෙබළුන්ව සුදු වැල්ලේ කොරෝනා ලෙඩුන්ව අල්ලන්න මෙහෙයවපු ගොබ්බයන් දැන සිටියානම්!

Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More