දේශීය පුවත්

COVID-19 වෛරස් වසංගතය මර්ධන කටයුතු රජයේ වෛද්‍යය නිළධාරීන්ගේ සංගමය පෙන්වා දෙන පරිදි සති තුනක් පිටුපසින් සිටින බව ගෝලීය ශ්‍රී ලාංකික සංසදය අවධාරණය කරයි.
වෛරසය මර්ධනය කිරීමේ ආක්‍රමණික ප්‍රවේශයට අවතීර්ණ වීමට සෞඛ්‍ය අමාත්‍යාංශ බලධාරීන් හා බෝවන රෝග අංශයේ බලධාරීන් දැඩි ලෙස විරෝධතාවය පෑ බවද රජයේ වෛද්‍යය නිළධාරීන්ගේ සංගමය සංගමය පෙන්වා දී ඇති බව පවසන ගෝලීය ශ්‍රී ලාංකික සංසදය COVID-19 වෛරසය මර්ධනය කිරීමට සමත් ඖෂධයක් බටහිර ඖෂධ ක්‍රමය තුළ නිෂ්චිතව සොයා ගෙන නැති තත්වයක් තුළ ශ්‍රී ලංකාවේ දේශීය වෛද්‍යය ක්‍රමය තුළ ඇති බව පවසන ආසාදනය සුවපත් කිරීමේ ක්‍රමවේදයට සෞඛ්‍යය අංශ බලධාරීන් වහාම ඉඩ සැලසිය යුතු බව පවසා සිටී.

චීනය COVIDඪ්-19 මර්ධනය සාර්ථකව කරනු ලැබුවේ චීන දේශීය වෛද්‍යය ක්‍රමයද උපයෝගී කරගෙන බව පවසන ගෝලීය ශ්‍රී ලාංකික සංසදය පවසන්නේ ඉන්දියාවද ආයුර්වේද වෛද්‍යය ක්‍රමයට අනුව වෛරස් ආසාදිතයන්ට ප්‍රතිකාර කිරීමට ඉඩ දීමටද කටයුතු කර ඇති බවයි. ඒ අනුව ශ්‍රී ලංකාවේ බොහෝ විද්වතුන් මෙන්ම විවිධ වෛද්‍ය සංගම්ද පෙන්වා දෙන පරිදි වහාම දේශීය වෛද්‍යය ක්‍රමයට COVID-19 ආසාදිතයින් සුවපත් කිරීමට ප්‍රතිපාදන සැලසිය යුතු බවයි.

ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ ස්විට්සර්ලන්තය,පෝලන්තය,ඔස්ට්‍රේලියාව,අයර්ලන්තය, මහා බ්‍රිතාන්‍යය,සහ රුසියාව යන රටවල සභාපතිවරුන්ගේ මෙන්ම එම සංගමයේ ශ්‍රී ලංකාවේ නිත්‍යය නියෝජිතයාගේ සහ විධායක සභාවේ ගරු ලේකම්වරයාගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති ගරු ජනාධිපති තුමාගේ අවධානයට යොමු කර ඇති ලිපියක් මගින් මෙම තත්වය වෙනස් කිරීමට අවධානය යොමු කරන ලෙස ඉල්ලා සිටී. සම්පූර්ණ ලිපිය පහතින්…



One thought on “COVID-19 වෛරසය මර්ධනයට හෙළ වෙදකමට අවස්ථාව ලබා දිය යුතුයි – ගෝලීය ශ්‍රී ලාංකික සංසදය”

Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More