දේශීය පුවත්

මැතිවරණ කොමිසමේ සාමාජික ආචාර්ය රත්නජීවන් හූල් එම කොමිසමේ ස්වාධීනත්වයට හානිවන ලෙස ප්‍රකාශ නිකුත් කරන නිසා ඉදිරි පාර්ලිමේන්තුවේදී ඔහුට විරුද්ධව විශ්වාසභංගයක් ගෙනැවිත් ධුරයෙන් නෙරපා හරින බව ශ්‍රී.ල.නි.ප. මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා මැතිවරණ කොමිසමට දැන්වීය.

මහ ලේකම්වරයා මේ බව ප්‍රකාශ කළේ ඉදිරි මහ මැතිවරණය ගැන තීන්දු ගැනීමට පක්ෂ මහ ලේකම්වරුන් හා මැතිවරණ කොමිසම අතර පැවැති සාකච්ඡාවේදීය. එම සාකච්ඡාවට මැතිවරණ කොමිසම වෙනුවෙන් එහි සභාපති මහින්ද දේශප්‍රිය හා සාමාජික ජනාධිපති නීතිඥ නලීන් අබේසේකර මහතා සහභාගී වූ නමුත් ආචාර්ය (හූල්) ඊට පැමිණ සිටියේ නැත.

මැතිවරණ කොමිසමේ සාමාජිකයන් දෙදෙනෙක් කොළඹදී එකක් කියන විට රාජන් හූල් මහතා යාපනේ සිට වෙනත් ප්‍රකාශයක් කරන බැව් පෙන්වා දුන් දයාසිරි ජයසේකර මහතා මේ තත්ත්වය ස්වාධීන මැතිවරණ කොමිසමටද ප්‍රශ්නයක් යැයි කීය.

වැඩිදුරටත් කරුණු දැක්වූ ශ්‍රීලනිප මහ ලේකම්වරයා පැවසුවේ මෙරට මැතිවරණය ගැන අපේ සෞඛ්‍ය බලධරයන් විමසා තීන්දුවක් ගතයුතු නමුත් රත්නජීවන් හූල් කියන්නේ ලෝක සෞඛ්‍ය සංවිධාන නිර්දේශ මත මහ මැතිවරණය පැවැත්විය යුතු බවය. එය කිසිසේත්ම අනුමත කළ නොහැකි බවද මහලේකම්වරයා කීය.

ශ්‍රීලනිප මහ ලේකම්වරයා මෙලෙස රාජන් හූල් මහතාට චෝදනා නගන විට මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා හෝ එහි සාමාජික ජනාධිපති නීතීඥ නලීන් අබේසේකර මහතා හෝ සියල්ල නිහඬව අසාගෙන සිටියා මිස කිසිම පිළිතුරක් දුන්නේ නැත.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More