දේශීය පුවත්

වැලිසර නාවික හමුදා කඳවුරෙහි කොරෝනා ආසාධිත සෙබළුන් එම අනතුරට පත් වූයේ රෝගය වැළඳුණු ඇතැම් පිරිස් පාලනයට කිරීමට යාමේ දී බව යුධ හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

සුදුවැල්ලේ දී හමුවූ කොරෝනා රෝගීන් ඇතුළු පිරිස් යම් මත්ද්‍රව්‍යයක් සඳහා අබ්බැහිව සිටි පිරිස් වන අතර ඔවුන් පාලනය කිරීමට නාවික හමුදා සෙබළුන්ට දැඩි පරිශ්‍රමයක් දැරීමට සිදුවිය.

කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේ එවැනි මත්කුඩු අබ්බැහි වූවන් 262 ක් සිටින බවත් මත්කුඩු නොමැතිව නිරෝධායනය මධ්‍යස්ථානයෙන් පැන යාමට උත්සාහ කරන එම පුද්ගලයින් නිසා අමතර වෙහෙසක් දැරීමට හමුදා සෙබළුන් ට සිදුව තිබේ.

“ඇතැම් අය කුඩු නැතුව බෑ කියලා ගස් උඩින් පනින්න යනවා. ඉතින් එහෙම අය පහළට ගේන්න අර කිට් ඇඳන් ගස් උඩ නගින්න වෙන අවස්ථා තියෙනවා. ගස් උඩින් බහින්න කිව්වට බහින්නෙ නෑ” නිරෝධායන මධ්‍යස්ථාන තුළ සැබෑ තත්ත්වය පැහැදිලි කරමින් යුධහමුදාපතිවරයා පැවසීය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More