Uncategorized

කොළඹ ද සොයිසා කාන්තා රෝහලේදී ඊයේ (24) දිනයේදී වාර්තාවූ කොරෝනා වෛරසය ආසාධිත මරදාන ප්‍රදේශයේ පදිංචි රෝගී ගර්භණි කාන්තාව තමන් පදිංචි ලිපිනය වැරදි ලෙස ලබාදී ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ පවසයි.

මෙම ගර්භණි කාන්තාව තමන් පදිංචි ලිපිනය නොව වෙනත් ලිපිනයක් රෝහලට ඇතුලත් වීමේදී ලබාදී තිබෙනවා. නමුත් ඇය සම්බන්ධයෙන් ඇතිවූ සැකයක් මත වෛද්‍යවරුන් විසින් ඇයව රෝහලේ පිහිටි විශේෂිත වාට්ටුවකට ඇතුලත් කොට එහිදී සිදුකළ PCR පරීක්ෂණයේදී එම කාන්තාව කොරෝනා ආසාධිතයෙක් බවට තහවුරු කර ගෙන ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා සඳහන් කරයි.

මරදාන ප්‍රදේශයෙන් මිට පෙරද කොරෝනා ආසාධිත රෝගීන් හමුවී ඇති පසුබිමක් තුල ඕනෑම පුද්ගලයෙක් රෝහල් ගත වීමේදී තමන් පදිංචි නිවැරදි ලිපිනය බලධාරීන්ට ලබාදීම වැදගත් බව පැවසූ සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා එමගින් වෛද්‍යවරුන්ට එම රෝගීන්ගේ රෝග හඳුනා ගැනීම සහ අවශ්‍ය පරීක්ෂණ කිරීම සහ ප්‍රතිකාර ලබාදීම ඉක්මන් කළ හැකි බවද කියා සිටියේය.

රෝහලේ වෛද්‍යවරුන් සහ හෙද කාර්ය මණ්ඩලය මෙම රෝගී කාන්තාව සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී ආරක්‍ෂිත ක්‍රමවේදයන් අනුගමනය කර ඇති බැවින් එහිදී ඔවුන්ට එල්ලවී ඇති බලපෑම් අවම බවත් රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන අනෙක් කිසිදු රෝගියෙකුටද එහිදී අවධානමක් ඇති නොවූ බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා සඳහන් කර සිටියේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More