දේශීය පුවත්

ලෝකයේ තෙල් මිල පහත වැටෙන වෙලාවේ ශ්‍රී ලංකාවට තෙල් ගබඩා කර ගැනීම සඳහා යොදා ගත හැකි ත්‍රිකුණාමලය තෙල් ටැංකි පද්ධතිය ප්‍රෙයා්ජනයට ගත නොහැකි වී ඇත්තේ එදා විපක්ෂයේ අද ආණ්ඩුවේ වරද නිසා බවට හිටපු පා.ම හර්ෂ ද සිල්වා මහතා විසින් සිදුකළ ප්‍රකාශය පිළිබඳව ලංකා ලීඩ් ගෝලීය තත්වයන් ගැන වැඩි අවබෝධය සහිත ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ රුසියානු ශාඛාවේ සභාපති ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතාගේ අදහස් විමසන ලදී.

ඔහු සඳහන් කළේ 2003 දී රනිල් වික්‍රමසිංහ මහතා විසින් අවබෝධතා ගිවිසුමක් පමණක් අත්සන් කොට ගිවිසුමක් නොමැතිව ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි 99 ක් ඉන්දියාවට තුට්ටු දෙකට පවරා දුන් බැවින් දැන් ශ්‍රී ලංකාවට තෙල් ගබඩා කිරීම සඳහා ඒවා භාවිතා කළ නොහැකි බවය.

ඉන්දියානු ZOC සමාගම ඉතා කපටි ලෙස ගිවිසුමක් නොමැතිව වාර්ෂික බදු පමණක් ගෙවමින් මේ මහා සම්පත නිත විරෝධිව අත්පත්කර ගෙන සිටින බවත් පසුගිය යහපාලන ආණ්ඩුව යටතේ ටැංකි 5 ක් පමණක් ශ්‍රී ලංකා රජයට තබා ගෙන ඉතිරි ටැංකි සියල්ල වසර 99 කට බදු දීමට ගනු ලැබූ උත්සහාය සේවක විරෝධය නිසා වැලකී ගිය බවද ඒ මහතා සඳහන් කරයි.

තෙල් බැරල් මිලියන 8 ක් පමණක් ගබඩා කළ හැකි දකුණු ආසියාවේ මහා තෙල් ගබඩාව රටට අහිමි වී ඇත්තේ හර්ෂ ද සිල්වාලගේ ඉන්දියානු ගැති දේශපාලනය නිසා බවට ඔහු චෝදනා කරයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More