දේශීය පුවත්

අවදානම් කලාප හැර සෙසු  ප්‍රදේශ වලට ලිහිල් කර ඇති ඇඳිරි නිතිය අද රාත්‍රි 8 සිට යළි ක්‍රියාත්මක වන අතර එය ලබන සඳුදා උදැසන 5 තෙක් බලපැවැත්වෙයි.

කොඩිඩ් නයින්ටීන් වෛරස ව්‍යාප්තියේ අවදානම් කලාප හැර දිස්ත්‍රික්ක 21ක් සඳහා අදත් උදෑසන 5ට ඇඳිරි නීතිය ලිහිල් කෙරුණි.

මෙලෙස ලිහිල් කෙරුණු ඇඳිරි නීතිය යළි රාත්‍රී 8ට පැනවෙන අතර එය අප්‍රේල් 27 සදුදා උදෑසන 5 තෙක් බලපැවැත්වෙයි.

ඒ අනුව හෙට සහ අනිද්දා දෙදින මුළු දිවයිනටම ඇඳිරි නීතිය ක්‍රියාත්මකයි.

කොළඹ,ගම්පහ කළුතර සහ පුත්තලම දිස්ත්‍රික්කවලට පිවිසීම සහ ඉන් පිටවීම තවදුරටත් සම්පූර්ණයෙන් තහනම් කර ඇත.

මේ අතර ඇඳිරි නීතිය ලිහිල් කළ ප්‍රදේශවල ජනතාව හැසිරිය යුතු ආකාරය පිළිබදව සෞඛ්‍ය බලධාරීන් විසින් යම් නිර්ණායක ඉදිරිපත් කර තිබුණි.

ඒ අනුව ත්‍රිරෝද රථයක ගමන් කළ හැකි උපරිම මගීන් සංඛ්‍යාව දෙදෙනෙකුට සීමා කර තිබූ අතර ඊට වැඩි සංඛ්‍යාවක් ත්‍රිරෝද රථවල නංවාගෙන යන අයුරු අදත් දක්නට ලැබුණි.

මේ අතර අවදානම් කලාපයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇති කොළඹ පෑලියගොඩ ප්‍රදේශයේ අද උදෑසනත් දැඩි රථවාහන තදබදයක් පැවතියේය.

එසේම ඇඳිරි නීතිය අඛණ්ඩව ක්‍රියාත්මක කෙරෙන ප්‍රදේශවල ඇඳිරි නීතිය කඩකරන්නන් සොයා තවදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මකයි.

මේ අතර අද උදෑසන තෙක් ගතවු පැය 24ක කාලය තුළ ඇදිරි නීතිය උල්ලංඝණය කළ පුද්ගලයින් 666 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර රථවාහන 183ක් පොලිස් භාරයට ගෙන තිබේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More