දේශීය පුවත්

පාර්ලිමේන්තුව යළි කැඳවීම සඳහා විවිධ ක්‍රම යෝජනා වෙමින් පවතී. ඒ මතුවී ඇතැයි
කියන ව්‍යවස්ථා අර්බුදයක් සමනය කරගැනීමේ අභිලාෂයෙන් බවද කියැවේ. ව්‍යවස්ථා
අර්බුදයක් මතුනොවන ආකාරයෙන් මේ තත්වය සමනය කරගැනීමේ ප්‍රායෝගික
මාර්ගයක් ඇත්දැයි “ලංකා ලිඩ් නිවුස්” කළ සොයාබැලීමේදී නීතීඥ කපිල ගමගේ මහතා
දැක්වූයේ මෙවන් අදහසකි.

“ව්‍යවස්ථා අර්බුදයක් ඇති නොවන ආකාරයට ගත හැකි සුදුසුම ක්‍රියාමාර්ගය වන්නේ
පාර්ලිමේන්තුව ජුනි මස 02වැනිදා කැඳවිය හැකිවන ආකාරයට “කොටස් වශයෙන්”
මැතිවරණය පැවැත්වීමයි. මේ ව්‍යවස්ථා අර්බුදයක් ගැන උනන්දුවන සියලු දෙනාමත් ඒ
ඇතැයි කියන ව්‍යවස්ථා අර්බුදයෙන් ගැලවීම සඳහා කළ යුත්තේ මේ පියවරට පිවිසීමයි.
මේ නිශ්චිතව නොපැවැති ව්‍යවස්ථා අර්බුදයක් ඇතැයි වඩාත් තහවුරු කරන ලද්දේ
මැතිවරණ කොමිසම විසින්, තම අප්‍රේල් විස්ස තීරණයෙන්. මැතිවරණ කොමිසම විසින්
මේ සමාජගත කරන ලද ව්‍යවස්ථා අර්බුදය අහෝසි කිරීමේ හැකියාව ඇත්තේත්
කොමිසමටමයි. ඒ ජුනි මස 02වැනිදා නව පාර්ලිමේන්තුවේ පළමු සැසිවාරය කැඳවිය
හැකිවන ආකාරයට මැතිවරණය පැවැත්වීමෙනුයි.

මේ කාරණය එක්වරම මහා ප්‍රතිගාමී යෝජනාවක් වගේ පේන්න පුළුවන්. නමුත්
කථානායකවරයා කිවුවා වගේම මේ අවස්ථාවේ තවත් අර්බුදයකුත් ඇති කිරීම නොකළ
යුතු දෙයක්. ඒ නිසා කොවිඩ් මර්ධනයට බාධා නොවන අයුරින්, මැයි 30න් අවසන් වන
පරිදි කඩින් කඩ මැතිවරණය පැවැත්වීම මේ තත්වයට ඇති හොඳම විසදුමයි.
මේ කඩින් කඩ මැතිවරණ යනු අපට අලුත් දෙයක් නෙවෙයි. 1960 දක්වාම අපි
මැතිවරණ පැවැත්වුයේ කොටස් වශයෙන්. ඒ වගේම ඉන්දියාවේ අදටත් මැතිවරණය
මාසයක් පුරා පැවැත්වෙනවා.

ඒ වගේම මේ ක්‍රමය හරහා කොවිඩ් මර්ධනයට සම්බන්ධවන ආරක්ෂක අංශවල
දායකත්වය ආරක්ෂා කරගැනීමටද හැකි වෙනවා. නිදසුනක් ලෙස මැතිවරණය මැයි 24
සිට 30 දක්වා සතියක් පුරා පැවැත්වුවහොත් එක් දිනකට දිස්ත්‍රික්ක තුනක් පමණයි
ආවරණය කළයුතු වෙන්නේ. එවිට සමස්ත මැතිවරණයටඅවශ්‍ය ආරක්ෂක අංශ
සාමාජිකයන් ප්‍රමාණයෙන් හතෙන් එකකුයි මැතිවරණය සඳහා අවශ්‍ය වන්නේ.අනික
රටපුරා පවතින ආරක්ෂක විධිවිධාන දැනටත් පවතිනවා. අමතරව ඡන්ද පොල
ආරක්ෂාකිරීම වැනි කටයුතු සඳහා අවශ්‍ය වන ආරක්ෂක අංශ සාමාජිකයන් ප්‍රමාණය
එක් කණ්ඩායමක් ලෙස පුහුණුකොට ඔවුන් දවසින් දවස මැතිවරණය පැවැත්වෙන
දිස්ත්‍රික්කවල ස්ථානගත කිරීමෙන් ආරක්ෂක වැඩපිලිවෙලට අවහිරයක් නොවන පරිදි
මැතිවරණය පැවැත්විය හැකිය. එසේම ඒ කණ්ඩායමවිශේෂ පුහුණුවක් ලබන බැවින්
කොවිඩ් තත්වයට මුහුණදෙමින් ඡන්දය පැවැත්වීම වඩාත් ප්‍රායෝගිකව කළහැකි වනවා.

මැතිවරණ කොමිසමටත් කටයුතු පහසු වන අතර පාර්ලිමේන්තු මැතිවරණ පණතේ
24(3) වගන්තිය මගින් මේ නව මැතිවරණ දින නියම කිරීමට කොමිසමට පූර්ණ නීතිමය
බලය ද තිබෙනවා. අනික මැතිවරණ කොමිසම දිගින් දිගටම ප්‍රකාශ කළේ ඔවුන්ට
මැතිවරණය පැවැත්වීම සඳහා සති පහක කාලයක් අවශ්‍ය බවයි. මේ සති පහට අදාල
වැඩවලින් බොහොමයක් දැනටත් සිදුකර ඇතිවාට සැක නැහැ. අද පටන් ගත්තත්
ඔවුනට මැයි 30 මැතිවරණය පැවැත්විය හැකියි. සුලු සුලු වෙනස්කම් සහිතව මැයි 24-30
අතර කාලයට යාම අපේ මැතිවරණ කොමිසම වගේ අති දක්ෂ කොමිසමකට අසීරු
වැඩක් වෙන එකක් නැහැ.”



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More