දේශීය පුවත්

කොවිඩ්- 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ තැන්පතු ශේෂය මේ වන විට රුපියල් මිලියන 848 දක්වා ඉහළ ගොස් තිබේ.

ආයතනිකව සහ පෞද්ගලිකව ලැබෙන පරිත්‍යාග මෙන්ම, සෘජු තැන්පතු සමඟ මෙලෙස ශේෂය ඉහළ ගොස් ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

මේ අතර, ආර්ථික පුනර්ජීවනය සහ දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකාය වැඩ ආරම්භ කර තිබේ.

කාර්ය සාධක බලකාය ස්ථාපනය කිරීමෙන් පසුව එහි පළමු හමුව ඊයේ සිදුවූයේ එහි සභාපති බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්.

සියළු පළාත් පාලන ආයතන, දිස්ත්‍රික් ලේකම් කාර්යාල, ප්‍රාදේශීය ලේකම් කාර්යාල සහ ග්‍රාමීය මට්ටමේ නිලධාරීන් සම්බන්ධීකරණය කර ගනිමින් මෙම කාර්ය සාධක බලකාය ඉදිරි කටයුතු ක්‍රියාත්මක කරන බවයි අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More