Uncategorized

ආණ්ඩුව විසින් ආනයනික ෆාම් තෙල් වලට 10% ක බදු පැනවීම ගැන ජාතික සංවිධානවල ප්‍රසාදය පළවේ. ජාතික සංවිධාන පසුගිය කාලය පුරාම දැඩි ෆාම් තෙල් විරෝධී ව්‍යාපාරයක නියුක්තව සිටි බැවින් ලංකා ලීඩ් විසින් ආණ්ඩුවේ තීරණය පිළිබඳ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගෙන් අදහස් විමසන ලදී. මේ ඔහුගේ ප්‍රකාශය ඔහුගේ වචන වලින්,

” මේ රටේ පොල් වගාව සහ පොල් තෙල් ඇතුළු නිශ්පාදන කර්මාන්තය කඩා වැටිලයි තියෙන්නේ. ෆාම් තෙල් ආනයනය කරන හතරපස් දෙනෙකුගේ උවමනාව නිසා ෆාම් තෙල් මාෆියා දෙකක් තියෙනවා. එකක් ආනයන මාෆියාව, අනෙක රට ඇතුලේ කටු පොල් වගාව ප්‍රචලිත කරන මාෆියාව. ආනයනවලට බදු පැනවුවට කටු පොල් වගා මාෆියාවට වාසි. නමුත් ඒ දෙකම මට්ටු කරන්න ඕන පොල් වගාව සහ කර්මාන්තය නගා සිටුවීමට. පළමුවෙන්ම පිරිපහදු නොකළ තෙල් වලට බද්ද දෙගුණයක් කරන්න ඕන. ඊළඟට රට ඇතුලේ පොල්තෙල් මිලට වඩා 10% කින් ෆාම්තෙල් මිල වැඩිවෙන ආකාරයට ෆාම්තෙල් වලට බදු පනවන්න ඕන. ඒකට මිල සූත්‍රයක් හඳුන්වා දෙන්න ඕන. ඊළඟට ෆාම්තෙල් හෙවත් කටුපොල් වගාව රට ඇතුලේ ව්‍යාප්ත කිරීම තහනම් කරන්න ඕන. ඒ දෙකම වෙනුවෙන් පනී සිටීම ගැන අපි අමාත්‍යවරයාට අපේ ගෞරවය පුද කරනවා.  “



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More