දේශීය පුවත්

ලොව පුරා රටවල් හා කලාප 210ක පැතිර යමින් පවතින කොරෝනා වෛරස් ආසාදනයට ගොදුරු වූ රෝගීන්ගේ සංඛ්‍යාව ඊයේ (22දා) විසි පන් ලක්ෂය ඉක්මවා ගියේය.
මේ අනුව ඊයේ දහවල් වන විට ලොව පුරා රටවලින් වාර්තා වී තිබූ කොරෝනා වෛරස් ආසාදිතයින්ගේ සංඛ්‍යාව විසි පන් ලක්ෂ හැටදහස් හැට තුනක් (2,560,063) විය. කොරෝනා වෛරස් ආසාදිතයින් එක් ලක්ෂ හැත්තෑහත්දහස් හත්සිය දහඅට දෙනෙකු (177,718) ආසාදනයෙන් ඒ වන විට මිය ගොස් තිබිණි.

ඒ වන විට කොරෝනා වෛරස් ආසාදනයට ගොදුරු වී සුවය ලැබූවන්ගේ සංඛ්‍යාව හයලක්ෂ අනුහයදහස් දෙසිය තිස් දෙකක් (696,232)වේ. ලොව වැඩිම කොරෝනා වෛරස් ආසාදිතයින්ගේ සංඛ්‍යාව මෙන්ම වැඩිම කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව වාර්තා වී ඇත්තේ ඇමරිකා එක්සත් ජනපදයෙන් වන අතර එරටින් ඊයේ දහවල් වන විට කොරෝනා ආසාදිතයින් 819,175 ක් හා මරණ 45,343 ක් වාර්තා වී තිබුණි. ස්පාඤ්ඤයෙන් කොරෝනා ආසාදිතයින් 204,178ක් හා මරණ 21,282 දෙනෙකුද ,ඉතාලියෙන් ආසාදිතයින් 183,957 ක් හා මරණ 24,648 ක්ද,ප‍්‍රංශයෙන් ආසාදිතයින් 158,050 ක් හා මරණ 20,796 ක්ද,ජර්මනියෙන් ආසාදිතයින් 148,453ක් හා මරණ 5,086 ක්ද වාර්තා වී තිබුණි .

ඒමන්ති මාරඹේ



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More