වැලිසර නාවික හමුදා කඳවුරේ නාවික හමුදා සෙබළුන් 30 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇත.
එම කඳවුරේ හා නාවික සෙබළෙකුට කොරෝනා ආසාදනය වී ඇති බව ඊයේ හෙලිවූ පසු ඔහු සමග සමීපව සිටි සෙබල පිරිසකට කරන ලද පරීක්ෂණවලින් පසු මෙම බව තහවුරු වී ඇත.
මුල් සෙබලා සමග සමීපව කටයුතු කරන ලද වැලිසර නාවික හමුදා කඳවුරේ සෙබළුන් මේ වනවිට නිරෝධාය කළ කර ඇති බව හමුදාපති ශවේන්ද‍්‍ර සිල්වා මහතා සඳහන් කරයි.
මේ සමගම වැලිසර නාවුක හමුදා කදවුර සම්පූර්ණයෙන්ම හුදකලා කිරීමට නාවුක හමුදාපතිවරයා කටයුතු කර ඇත.
මෙම පිරිස සමගින් අද දින හඳුනාගත් කොරෝනා ආසාදිත ප‍්‍රමාණය 39 දක්වා ඉහල යයි.
දිනක් තුලදී මෙරටින් වාර්තා වන වැඩිම ආසාදිත ප‍්‍රමාණය එයයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...