දේශීය පුවත්

කොරෝනා ලෝක වසංගත තත්වයක් පවතින මෙම කාල වකවානුව තුල කුවේට් රාජ්‍යයේ සේවය කරන ශ්‍රී ලංකික බොහෝ පිරිසක් ඉතා අන්ත අසරණ භාවයට පත්ව ඇත. වැඩි පිරිසකගේ රැකියා අහිමි වී ඇති අතර වැටුප් පවා නොලබයි.එය දරාගැනීමට පවා අපහසු තත්වයකි. ඉදිකිරීම් අංශ වල සේවය කරන්නන්ගේ පවා රැකියා අහිමි වීම හා වැටුප් නොගෙවීම නිසා ගෙවල් කුලිය පවා ගෙවාගැනීමට නොහැකිව ඇත.

මා මෙතනදී කතා කරන්නෙ ඔවුන් ගැන නොවේ.

වීසා නොමැතිව මෙහි දාහකට අධික ප්‍රමාණයක් එලියේ රැකියා කරති. ඔවුන් පිලිබඳ මොන ගැටලු තිබුනද අවසානයේ ඔවුන්ද ශ්‍රී ලංකාවට පැමිණිය යුතු පුරවැසියන්ය. කිසිවෙකුත් එය එසේ නොවේ කීමට හැකියාවක් නැත. අන්ත අසරණ ඔවුන් වෙනුවෙන් ඇත්තටම ඉදිරිපකත් විය යුත්තේ කුවේට් එම්බසියයි.යම් රටක එම්බසියක් පවත්වාගෙන යන්නේ එම රටේ ජීවත් වන තම රටේ පුරවැසියන්ගේ ඕනෑ එපාකම් සොයා බලා ආරක්ෂාව කහවුරැ කිරීමටයි. මෙම රට වලට එන මිනිසුන් විශාල විදේශවිනිමයක් තම රටට මාසයක් පතා පොම්ප කරයි.

වර්ථමානයේ කුවේටයේ ඇති වී තිබෙන ගැටලුකාරී තත්වය සම්බන්දව කීමට ඇත්තේ. එය එසේ වීමට බලපෑ හේතුව එම්බසියේ නොමනා ක්‍රියාකලාප⁣යයි. දුරකතන ඇමතුම් වලට පවා පිළිතුරැ නොදෙන එම්බසියකින් ඇති ඵලය කුමක්ද?
ලංකා රජය විසින් ගෙනයන වැඩපිලිවෙල ගැන මිනිසුන්ව දැනුවත් කිරීම එම්බසියේ කාර්‍යයභාරයයි. තොරතුරැ සන්නිවේදනය නොවීම නිසා අද දින බොහෝ පිරිසක් මහමග අතරමං වී සිටී. එම්බසිය ඉබි යතුරැ ලාගෙන නිලධාරීන් පිරිවරා එම්බසිඩර් පරිශ්‍රයේ සැඟවී සිටින්නේ ඔවුන්ගේම දුර්වලතාවයක් නිසාය.

අකාමා නොමැතිව එලියේ රැඳී සිටින්නන්ට සහන රැසක්ද සමග මෙම රටින් පිට වීමට කුවේට් රජයෙන් අවස්ථාව ලබාදී ඇත. ඔවු නිවේදනයක් නිකුත් කර තිබුනේ. 2020 අප්‍රියෙල් 21 සිට 2020 අප්‍රියෙල් 25 දක්වා එම පොදු සමා කාලය ලබාදෙන බවයි.
ලංකා රජයෙන් කල ඉල්ලීම් සම්බන්දව වත් කුවේට් රජයෙන් එකඟ වූ ඉල්ලීම් සම්බන්දව වත් මිනිසුන් දන්නේ නැත. ඔවුන්ට එම තොරතුරැ සම්බන්දව කිසිවෙකුත් දැනුවත් කිරීමක්ද කර නැත. අවසානයේ කුවේට් රජයේ නිල නිවේදනයට අනුව පැමිණි මිනිසුන් මහමග අසරණ වී ඇත.

මෙම පිළිවෙලක් නොමැති ක්‍රියාකලාපයන් හේතුවෙන් ශ්‍රි ලංකා රජයද පත්වන්නේ දැඩි අපහසු තාවයකටය.
හරියට කෑමක් ඉන්න හිටින්න තැනක් නොමැතිව සිටින අන්ත අසරණ මිනිසුන්ට මෙවැනි මොහොතක් ⁣කිසිසේත් දරාගත නොහැක. මෙම රටවල ශ්‍රමිකයන් මුහුණ දෙන මොන ආකාරයේ ප්‍රශ්නයකටවත් කිසිම උදවුවක් නැති එම්බසි මිනිසුන්ගෙන් ඉන්ෂුරන්ස් අය කරන්නේ මොන හේතුවක් නිසා ද???

ලෝකෙ පුරාම එම්බසි වල යාන්ත්‍රනය වෙනස් කල යුතුයි. විදේශගත ශ්‍රමිකයින් සම්බන්දව මානුෂීය නිලධාරීන් පත්කරන ලෙසත් හැකි ඉක්මනින්ම මේ මිනිසුන්ට පිහිටක් අවැසිය.

නමුත් කාලයක් තිස්සේ වැටුප් ලබා අයිස් ගහන යල් පැනගිය එම්බසි නිලධාරීන්සම්බන්දව ක්‍රියාමාර්ග ගැනීමට මේ හොදම කාලයයි.

Shakila Jayawardana
තානාපති නිළධාරින්ගේ දැනුම ගැන බලදාරින්ගේ අවදානය පිනිස



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More