දේශීය පුවත්

ගෝලීය අර්බුද රැසක් නිර්මාණය කර ඇති ‘කොරෝනා වයිරස’ වසංගතය හේතුවෙන් මහා සාගතයක් ඇතිවීමේ අවදානමක් ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය අනතුරු අඟවයි.

මහ ව්‍යවසනයක් ඇති වීමට පෙර කඩිනම් පියවර ගත යුතු යැයි ද මෙම අනතුරු ඇඟවීම කරමින් ලෝක ආහාර වැඩසටහනේ ප්‍රධානී ඩේවිඩ් බියස්ලි පැවැසීය.

මාස කිහිපයක් වැනි කෙටි කාලයක් ඇතුළත ලෝකය ඈත අතීතයේ මුහුණ දුන් ආකාරයේ මහ විපත්තියකට මුහුණ දීමේ අවදානමක් ඇතැයි ද එබැවින් ඉක්මන් පියවර ගත යුතු යැයි ද මෙම අනතුරු ඇඟවීම් කරමින් ජගත් සංවිධානය අවධාරණය කරයි.

දැනට කුසගින්නේ ඇතැයි ඇස්තමේන්තු කර ඇති මිලියන 135ක අධික ජනතාව කෙටි කාලයක් තුළ මිලියන 250ක් දක්වා වැඩි වනු ඇතැයි ද ලෝක ආහාර වැඩසටහන නිකුත් කළ නවතම වාර්තාවේ දැක්වේ.

සංවර්ධනය වෙමින් පවතින රටවල් 30ක් පමණ පුළුල්ව පැතිරුණු සාගතයකට මුහුණ දෙනු ඇතැයි ද ලෝක ආහාර වැඩසටහන පෙන්වාදෙයි. වැඩිම අවදානමක් ඇත්තේ යුද ගැටුම්, ආර්ථික අර්බුද සහ දේශගුණික විපර්යාස හේතුවෙන් වැඩි බලපෑමක් එල්ල වී ඇති රටවල් 10කට යැයි ද ලෝක සෞඛ්‍ය ආහාර වැඩසටහන අවධාරණය කරයි.

ලෝක ආහාර වැඩසටහන වාර්ෂිකව නිකුත් කරන ‘ආහාර අර්බුද පිළිබඳ ගෝලීය වාර්තාව’ නිකුත් කරමින් මෙම අනතුරු ඇඟවීම් කර ඇත. යේමනය, කොංගෝ ජනරජය, ඇෆ්ගනිස්තානය, වෙනිසියුලාව, ඉතියෝපියාව, දකුණු සුඩානය, සුඩානය, සිරියාව, නයිජීරියාව සහ හයිටි වැඩිම අවදානමක් ඇති රටවල් ලෙස නම් කර ඇත.

දකුණු සුඩානයේ සමස්ත ජනගහනයෙන් සියයට 61 පසුගිය වසරේ ආහාර අර්බුදයකට මුහුණ දුන්නේ යැයි ලෝක ආහාර වැඩසටහන නිකුත් කළ වාර්තා වේ දැක්වේ.

වසංගතයෙන් බලපෑම් එල්ල වීමටත් පෙර නැගෙනහිර අප්‍රිකාවේ සහ දකුණු ආසියාවේ ඇතැම් ප්‍රදේශවලත් දරුණු ආහාර හිඟයක් නිර්මාණය වී ඇත. ඊට ප්‍රධාන හේතුව වූයේ නියඟයයි. පසුගිය කාලයේ ඇති වූ නියඟයත් පළඟැටි ගහනය වැඩි වීමත් එම ආහාර අර්බුදයට හේතු විය.

‘‘ලෝකය ඉතා ඉක්මනින් එමෙන්ම බුද්ධිමත්ව කටයුතු කළ යුතු’’ යැයි විඩියෝ තාක්ෂණය ඔස්සේ එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය අමතමින් ඩේවිඩ් බියස්ලි පැවැසීය.

‘‘අතීතයේ ඇති වුණු ආකාරයේ මහා සාගත කිහිපයක්ම මාස කිහිපයක් තුළ ඇති වෙන්න පුළුවන්. ඇත්ත කතාව නම් අපිට වෙලාවක් නැහැ සූදානම් වෙන්න’’ යැයි ඔහු කීය.

‘‘අපේ විශේෂඥතාවත් හවුල්කාරීත්වයත් ප්‍රයෝජනවත් වේවි කියලා මම විශ්වාස කරනවා. ‘කොවිඩ්-19’ වසංගතය මානව සහ ආහාර අර්බුදයක් හා ව්‍යවසනයක් නොවෙන තැනට වගබලාගන්න අපට පුළුවන්. ඒ සඳහා අපේ කණ්ඩායම් සියල්ල එකතු කර අවශ්‍ය වැඩසටහන් සකස් කළ යුතු’’ යැයි ද ඔහු තවදුරටත් කීය.

මේ අතර ලෝක ආහාර වැඩසටහනේ ප්‍රධානී ඩේවිඩ් බියස්ලිට ද කොරෝනා වයිරසය ආසාදනය වූ අතර ඔහු මේ වනවිට සුවය ලබා ඇත. ඔහු එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය හමුවේ අදහස් දැක්වූයේ එලෙස සුවය ලැබීමෙන් අනතුරුවය.

බී.බී.සී./රොයිටර්ස්



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More