පැවැත්වීම සඳහා දින නියම කර ඇති පාර්ලිමේන්තු මහ මැතිවරණය වහාම කල් දමන ලෙස ඉල්ලමින් සමගි ජනබලවේග මහ මැතිවරණ අපේක්ෂකයකු මාරාන්තික උපවාසයක් ආරම්භ කර තිබේ.
මෙසේ උපවාසයක් ආරම්භ කර ඇත්තේ එම පක්ෂයෙන් මොනරාගල දිස්ත්‍රික්කය සඳහා තරඟ වැදීමට නාම යෝජනා භාරදී ඇති ඉන්දික විජයබණ්ඩාර අත්තනායකය.
මොණරාගල නගරයේ ඔරලෝසු කණුව පාමුල මාරාන්තික උපාසයේ ඔහු යෙදී සිටියි.
කොරෝනා පැතිරීම හේතුවෙන් අපහසුතාවයට පත්ව සිටින සෑම දිළිඳු පවුලකටම මාසිකව රුපියල් විසිදාහක් ලබාදීම, පාසල් හා විශ්වවිද්‍යාලය විවෘත කිරීම කොරෝනා වසංගතය සම්පූර්ණයෙන්ම අවසන් යැයි වෛද්‍යවරුන් විසින් ලිඛිත නිර්දේශයක් ලබා දෙන තුරු අත්හිටුවීම, ගොවීන්ට අවශ්‍ය බීජ පොහොර කෘමි නාශක ඇතුළු සියලු දේ නොමිලේ ලබාදීම ඔහුගේ සෙසු ඉල්ලීම් වෙයි.
මෙම ඉල්ලීම් ඉටු කරන බවට රජයේ වගකිව යුත්තෙකු පොරොන්දු වන තුරු උපවාසය අත්නොහරින බව ඔහු සඳහන් කරයි.
විශේෂත්වය වන්නේ මෙම මාරාන්තික උපවාසයේ යෙදෙන පුද්ගලයා මාරාන්තික කොරෝනා වෛරසයෙන් ආරක්ෂාව සඳහා මුඛ ආවරණයක්ද පැළඳ මාරාන්තික උපවාසයේ යෙදීමයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...