දේශීය පුවත්

මැතිවරණය සදා කල් දැමිය නොහැකි බවත් නිලධාරීන් එසේ බලාපොරොන්තු වන්නේ නම් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා ලෙස තමන් රටේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා විය යුතු බව තරයේ විශ්වාස කරන බවත් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා මේ බව පැවසුවේ විද්‍යුත් නාලිකාවක් සමඟ පැවැති සාකච්ඡාවකට එක් වෙමිනි.

ප්‍රජාතන්ත්‍රවාදයේ මහෝත්සවය ඡන්ද විමසීම වන නමුත් මේ අවස්ථාවේ මැතිවරණය පවත්වා ජනතාවගේ ජීවිතය ආපදාවට ලක් කරන්නට නොහැකි බව ද දේශප්‍රිය මහතා ප්‍රකාශ කළේය.

ඡන්දය තියන්න කීම මෙන්ම කල් දාන්න කීම ද බලපෑමක් බව කී ඒ මහතා දිනයක් දිය යුතු යැයි පෙන්වා දීම හැර අසවල් දිනය දිය යුතු බවට කිසිවෙකුගේ බලපෑමක් සිදු නොවූ බවද කීවේය.

මැතිවරණයේ විශ්වසනීයභාවය තබා ගැනීම මෙහිදී වැදගත් ම කාරණය බවත් හෙතෙම අවධාරණය කළේය.

මැතිවරණය සම්බන්ධයෙන් තීරණ ගත්තේ අපේ කොමිසන් සභාවේ සියලුම දෙනා සහ රටේ වගකිව යුතු අංශ සාමාජිකයින් සමඟ සාකච්ඡා කිරීමෙන් අනතුරුව බවත් ඒ සියලු දෙනා ඡන්දය තියනවට කැමැති නමුත් විහිළුවක් නොවන විදියට පැහැදිලි දිනයක් අවශ්‍ය බව සියළුම දෙනාගේ මතය බවත් හෙතෙම පැවසීය.

අපි අනිවාර්යයෙන් ම කොවිඩි 19 පරාජය කළ යුතු නමුත් ඊට මුවා වී රටේ ප්‍රජාතන්ත්‍රවාදය පරාජය කරන්නට නොහැකි බවත් හෙතෙම වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More