දේශීය පුවත්

කොවිඩ් වෛරසයේ අවදානම අවසන් බවට, වෛරසය පරාජයට පත්කර ඇති බවට මාධ්‍ය වාර්තා පළවුවද ශ්‍රී ලංකාව තුළ වෛරසය තවමත් උපරිම මට්ටමට හෝ ලඟා වී නොමැති බව රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමයේ ලේකම්, වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පවසයි.

වෛරසය සම්බන්ධයෙන් වර්තමානයේදී තිබෙන තත්වය අනුව ඒ පිළිබඳව කිසිදු පුරෝකතනයක් සිදු කළ නොහැකි වී ඇති බව අලුත්ගේ මහතා පෙන්වා දෙයි. වෛරසය පාලනය කර ඇති බවට රජයේ බලධාරීන් පවසා ඊළඟ දිනයේදී වැඩිම ආසාදිතයන් ප්‍රමාණයක් වාර්තා වූ බවද ඔහු පවසයි.

රජය විසින් රටතුළ අවදානම් කලාප, දැඩි අවදානම් කලාප, අවදානම අඩු කලාප යනුවෙන් එක් එක් ප්‍රදේශ නම්කර ඇතැම් ප්‍රදේශවල ඇඳිරි නීතිය ඉවත් කර ඇති නමුත් එයද භයානක වියහැකි බව හරිත අලුත්ගේ මහතා පවසයි.

එසේ ප්‍රදේශ වෙන් කිරීමට නම් අදාල ප්‍රදේශවල තෝරාගත් පුද්ගලයන් පිළිබඳව හෝ පරීක්ෂණ සිදුකළ යුතු බව පෙන්වා දෙන අලුත්ගේ මහතා පවසන්නේ රජය විසින් දෛනිකව සිදුකරන පරීක්ෂණ ප්‍රමාණය සම්බන්ධයෙන් සතුටු විය නොහැකි බවය.

ඇතැම් නොදියුණු අප්‍රිකානු රටවල් පවා ශ්‍රී ලංකාවට වඩා පරීක්ෂණ සිදුකර ඇති බවත්, සමාන ජනගහනයක් සිටින වියට්නාමය ශ්‍රී ලංකාව මෙන් 24 ගුණයක් හා නවසීලන්තය ශ්‍රී ලංකාව මෙන් 40 ගුණයක් පරීක්ෂණ සිදුකර ඇති බවත් ඔහු පෙන්වා දෙයි. එම රටවල් සාර්ථක වී ඇත්තේ ආසාදිතයන් හඳුනා ගන්නා පරීක්ෂණ වැඩි කිරීමෙන් බව අලුත්ගේ මහතා පවසයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More