පාස්කු ප්‍රහාරයෙන් විපතට පත්වූවන්ට යුක්තිය ඉටුවීමටත්, සමස්ත ජාතියේ අනාගතය ආරක්ෂාව සුරක්ෂිත කිරීමටත්, පාස්කු ප්‍රහාරයට සම්බන්ධ සියලු වගකිවයුත්තන් නීතිය හමුවට පැමිණවීම අනිවාර්ය කටයුත්තක් බව නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.
පාස්කු ප්‍රහාරයට වසරක් සපිරෙන අද දින සමාජ මාධ්‍ය වෙත එක් කළ වීඩියෝවක් හරහා පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා මෙලෙස අදහස් පළ කර තිබුණි.
‘‘ යම් යම් පසුගාමී මන්දගාමී භාවයන් තිබුනත් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා බලයට පත් වී මුස්ලිම් අන්තවාදීන්ගෙන් තෝර ආණ්ඩුවක් බිහිකිරීමෙන් පසු මෙහි දැවැන්ත ප්‍රගතියක් පසුගිය මාස කීපයේ අපට දකින්නට පුළුවන් වුණා. එහි එක් අවස්ථාවක් තමයි මෙතෙක් පැමිණිලිකරුවෙකු ලෙසින් පොලීසියට ගිය රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයා දැන් ප්‍රශ්න කිරීම් සඳහා පොලීසියට යනවා. ඔහුගේ සහෝදරයා අත්අඩංගුවට පත්වෙනවා. තවත් විශාල පිරිසක් මේ වන විට අත්අඩංගුවට පත්වී සිටිනවා.
මේ අත්අඩංගුවට පත්වූවන් නිදහස් කරගැනීමට හෝ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවේ රඳවා තබා ගැනීම වලක්වා ගැනීමට යම් යම් දේශපාලකයන්, යම් යම් ආගමික සංවිධාන, යම් යම් වෘත්තීය සංවිධාන බලපෑම් එල්ල කරන බවට පොලීසිය හරහා නොනිළ තොරතුරු ලැබෙමින් පවතිනවා. මේ බලපෑම් වලට යට නොවී කටයුතු කිරීම සම්බන්ධයෙන් අතිගරු ජනාධිපතිතුමාටත් ආරක්ෂක ලේකම් තුමාටත් වැඩබලන පොලිස්පතිතුමාටත් අපේ ප්‍රණාමය පුද කිරීම සඳහා අප මෙය අවස්ථාවක් කර ගන්නවා.
විධිමත් විය යුතු, ස්වාධීන විය යුතු, මේ පාස්කු ප්‍රහාරයේ පරීක්ෂණ දෙස සමස්ත ජාතිය පමණක් නොව සමස්ත ලෝකයම දෑස් දල්වා බලා සිටින අවස්ථාවක පරීක්ෂණ සඳහා කිසිවෙකුත් කිසිම අයුරකින් බලපෑමක් නොකළ යුතුය කියන කාරණය අප ඉතා දැඩිව බලපෑම් කරන පාර්ශව වලට දැනුම් දෙනවා. එදා වගේම අදත් අද වගේම හෙටත් මේ පාස්කු ප්‍රහාරය පිළිබඳ සියලුම විමර්ශන පිළිබඳව අප විමසිල්ලෙන් කටයුතු කරනවා. ප්‍රහාරය පිටුපස සිටින සියලුම බලවේග නීතිය හමුවට පමුණුවා සමස්ථ ජාතියම සුරක්ෂිත කරන තුරු අප මේ අරගලය අත් නොහරින බවට වන ප්‍රතිඥාව අප සමස්ත ජාතියටම ලබාදෙනවා.‘‘
– අරවින්ද අතුකෝරල
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...