නිදහස් කුසලාන තුන්කොන් 20-20 තරගාවලියේ ශ‍්‍රී ලංකාව හා බංග්ලාදේශ පිල අතර පැවැත්වෙන තීරණාත්මක තරගය අද පැවැත්වෙයි.
දැනටමත් ඉන්දීය පිල අවසන් තරගය සදහා තේරී සිටින අතර අද තරගයේ ජය ගන්නා කණ්ඩායම අවසන් තරගයට සුදුසුකම් ලබයි.
දිනේෂ් චන්දිමාල් තරග තහනමකට ලක්වී සිටීම හේතුවෙන් අද ශ්‍රී ලංකා පිල තිසර පෙරේරා විසින් මෙහෙයවනු ලබයි.
මේ අතර බංගලිදේශ 20-20 නිත්‍ය නායක ෂකිබ් අල් හසන් ඊයේ දහවල් හදිසියේ ශ්‍රී ලංකාවට පැමිණ කණ්ඩායමට එක්වී තිබේ.
ඇඟිල්ලක ආබාධයක් හේතුවෙන් තරගාවලියෙන් ඉවත්ව සිටි ෂකිබ් අල් හසන් අද තීරණාත්මක තරගය වෙනුවෙන් කණ්ඩායමට කැඳවා තිබේ.
එහෙත් අද පෙරවරුවේ පැවැත්වෙන යෝග්‍යතා පරීක්ෂණයකින් පසු ෂකිබ් අල් හසන් ක්‍රීඩා කිරීම හෝ නොකිරීම තීරණය කිරීමට නියමිතව තිබේ.
ෂකිබ් ක්‍රීඩා කළහොත් නායකත්වය ඔහුට හිමිවන අතර, එසේ නොවුනහොත් මහමදුල්ලා කණ්ඩායමේ නායකත්වය දරයි.
සජීව විකාශණය මෙතනින්
ලකුණු පුවරුව මෙතනින්
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...