පුරවැසි කොලම

නමුත් අවාසනාවකට මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ සැබෑ විපක්ෂය මෙම මහා අභියෝගයට මුහුණදීම සඳහා උපාය මාර්ගිකව ස්ථානගත වන බවක් පෙනෙන්නේ නැත. ආණ්ඩුවේ වහල රනිල් – මෛත්‍රී දෙපළගේ හිසමත කඩා වැටෙන විට ඔවුන් කලබලයෙන් මුක්කු රැගෙන ඒදෙසට දුවන්නේ ඒ නිසාය. ඔවුන් ඔවුන්ට ලැබුණු ජනවරමේ අරුත සහ බලය ගැඹුරින් වටහා ගන්නා බවක් පෙනෙන්නේ නැත. ඊට හේතුව එම ජනවරම මහන්සියෙන් උපයාගත් දෙකකට වඩා ජනතාව විසින් මහින්ද රාජපක්ෂ සාධකය මුල්කරගෙන ස්වේච්ඡාවෙන් ලබා දුන් දෙයක් වීම විය හැක. ඔවුන් ඔළුගෙඩි මාරු සෙල්ලමකට “ දායකවීම ජනතාව විසින් අනුමත කරන්නේ නැත. රනිල් වික්‍රමසිංහ මහතාගේ රටට හතුරැ න්‍යාය පත්‍රය අවුල් කිරීම සඳහා ඔවුන් එවැන්නකට දායක වන්නේ නම් ආණ්ඩුව තම න්‍යාය පත්‍රයට යටත් කෙරෙන කොන්දේසි ප්‍රමාණයක් විවෘතව සහ නොපැකිලව මහජනයාට ඉදිරිපත් කළ යුතුය. එසේ නොකර එම ඔළුගෙඩි සෙල්ලමට දායක වීමේ වරද වසා ගැනීම සඳහා ඔවුන් විසින් ඉදිරිපත් කරන්නේ බොළඳ තර්කයකි. එනම් කොන්දේසි දැමුවහොත් එන්නට සිටින උන් එන්නේ නැති බවය. නමුත් දැන් අවසානයේ දී ආපු එකෙක් නැත. එහෙත් සිදු වූයේ ජනතාවට වැරැදි පණිවුඩයක් දීම පමණි.

මහින්ද රාජපක්ෂයන් විසින් පරිවාස ආණ්ඩුවකට කොන්දේසි ඉදිරිපත් කලානම් ජය සහ පරාජය යන දෙකම ඔහුට වාසි සහගත වේ. එම කොන්දේසි ජනාධිපතිවරණය දක්වා ආණ්ඩුව සහ රට තල්ලු කිරීමේ ජනතා ව්‍යාපාරයක න්‍යාය පත්‍රය බවට පත්කර ගත හැකිව තිබුණි. ඔවුන් විසින් පළමුව පැමිණෙන ජනාධිපතිවරණය වෙනුවට පාර්ලිමේන්තු මැතිවරණයක් ඉල්ලා සිටීමද උපායමාර්ගිකව පැහැදිලි කළ නොහැකි අතාර්කික සටන් පාඨයකි. ඒ බව තව නොබෝ දිනකින් ඔවුන් විසින්ම තේරුම් ගනු ඇත. පුංචි ඡන්ද ප්‍රතිඵලය ඉදිරි ජනාධිපතිවරණයේ ජයග්‍රහණය දක්වා දිගු කළ හැක්කේ ජනතාව විසින් ඉල්ලා සිටින ප්‍රතිසංස්කරණ ඉටුකරන ජාතික න්‍යාය පත්‍රයක් රටට ඉදිරිපත් කිරීමෙන් පමණි. සියලු ප්‍රතිගාමී බලවේග නිරායුධ කළ හැක්කේ ද ඒ මගින්මය. 1956 දී බණ්ඩාරනායක මහතා අභිමුව වූ ඓතිහාසික පෙළ ගැස්ම අද මහින්ද රාජපක්ෂ මහතා අභියසට පැමිණ ඇත. එදා 1952 ආසන 9ක් හෙවත් සමසමාජ පක්ෂයට සමාන ආසන ගණනක් දිනා ගත් ළදරු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට 1956 දී මහාජන බලවේගයක් නිර්මාණයය කිරීමට හැකි වන්නේ ජාතික බලවේග විසින් ඉදිරිපත් කළ න්‍යාය පත්‍රය බණ්ඩාරනායක මහතා විසින් අතට ගැනීම නිසාය.

මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් මරාගෙන මැරෙන්නට ඉදිරිපත් වන ශ්‍රී ලංකා කාරයින්ගේ නම් ලැයිස්තුවක් ලිපි ගොණුවකට දමා ඊට පොදුජන පෙරමුණ නමින් ලේබලයක් ඇලවීමෙන් නව පක්ෂයක් නිර්මාණය වන්නේ නැත. එම පක්ෂයට මහා ජාතික බලවේගයක් බවට පත්විය හැක්කේ ජාතික න්‍යාය පත්‍රයකට නායකත්වය දෙන සැබෑ ජාතික සන්ධානයක් නිර්මාණය කිරීමෙනි. ඒ තුළ අනෙකුත් සියලුම පක්ෂ මෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයද නියෝජනය විය යුතුය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යනු මැතිවරණ කාර්යාලයේ ලියාපදිංචි කළ ආයතනයක් පමණක් නොවේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නම් වූ බෝඞ් ලෑල්ල පිටුපස ඓතිහාසික උරුමයක් සහ සමාජ මනෝභාවයක් ඇත. එම බෝඞ් ලෑල්ල මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් සිරිකොතේ පිළිකන්නේ එල්ලූ පමණින් එම උරුමය අහෝසි වන්නේ නැත. ඒ නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නැමැති බෝඞ් ලෑල්ල, බලවේගය, උරුමය මනෝභාවය යන සියල්ල නැවත අත්පත් කරගැනීම මහින්ද රාජපක්ෂ මහතාගේ වගකීමකි. පොහොට්ටුව විසින් නියෝජනය කළ යුත්තේ ශ්‍රි ලංකා නිදහස් පක්ෂය ඇතුලු සෙසු ජාතිකවාදී, වාමවාදී පක්ෂ සියල්ලේ පොදු න්‍යාය පත්‍රයයි. ඉදිරි ජනාධිපතිවරණයේ ජයග්‍රහණය පොහොට්ටුවට දිනා ගැනීමට නම් මෙම කරුණු සහ මතවාද පිළිබඳ ගැඹුරින් සිතා බැලිය යුතුය.

(උපුටා ගැත්තක්)



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More