නිදහස් කුසලාන තුන්කොන් 20-20 ක්‍රිකට් තරගාවලියේ ඉන්දියාව සමග අවසන් සටනට පිවිසෙන ප්‍රතිවාදියා තීරණය කෙරෙන ශ්‍රී ලංකාව සහ බංගලිදේශය අතර තරගය අද (16දා) ආර්. ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.
දිනේෂ් චන්දිමාල් තරග තහනමකට ලක්වී සිටීම හේතුවෙන් අද ශ්‍රී ලංකා පිල තිසර පෙරේරා විසින් මෙහෙයවනු ලබයි.
මේ අතර බංගලිදේශ 20-20 නිත්‍ය නායක ෂකිබ් අල් හසන් ඊයේ දහවල් හදිසියේ ශ්‍රී ලංකාවට පැමිණ කණ්ඩායමට එක්වී තිබේ.
ඇඟිල්ලක ආබාධයක් හේතුවෙන් තරගාවලියෙන් ඉවත්ව සිටි ෂකිබ් අල් හසන් අද තීරණාත්මක තරගය වෙනුවෙන් කණ්ඩායමට කැඳවා තිබේ.
එහෙත් අද පෙරවරුවේ පැවැත්වෙන යෝග්‍යතා පරීක්ෂණයකින් පසු ෂකිබ් අල් හසන් ක්‍රීඩා කිරීම හෝ නොකිරීම තීරණය කිරීමට නියමිතව තිබේ.
ෂකිබ් ක්‍රීඩා කළහොත් නායකත්වය ඔහුට හිමිවන අතර, එසේ නොවුනහොත් මහමදුල්ලා කණ්ඩායමේ නායකත්වය දරයි.
අද තරගය පිළිබඳව අදහස් දක්වන ශ්‍රී ලංකා පුහුණුකරු චන්දික හතුරුසිංහ පවසන්නේ සැලසුමකට අනුව සටනට පිවිසෙන බවයි.
මෙම තරගය අවසන් පූර්ව තරගයක තත්ත්වයකට පත්ව ඇති නමුත් තම පිලට ඉන් කිසිදු පීඩනයක් නොමැති බවද හතුරුසිංහ පවසයි.
සුළු ආබාධයකට ලක්වූ කුසල් මෙන්ඩිස් දැන් පූර්ණ සුවය ලබා තරගයට සූදානමින් සිටින බවද හතුරුසිංහ පැවැසීය.
තණතීරුවේ ස්වභාවය අනුව කණ්ඩායම නම් කරන බවත්, අවශ්‍ය පරිදි වෙනස්කම් සිදු කිරීමට පියවර ගන්නා බවත් හතුරුසිංහ පවසයි.
මෙම තරගාවලියේදී ශ්‍රී ලංකාව මූලික වටයේදී ඉන්දියාවට එක් තරගයක්ද, බංගලිදේශයට එක් තරගයක්ද පරාජය වූ අතර, ඉන්දියාවට එරෙහිව එක් ජයක් වාර්තා කළේය.
බංගලිදේශය මූලික වටයේදී ශ්‍රී ලංකාව පරාජය කළ අතර, ඉන්දියාව හමුවේ දෙවරක් පරාජය ලැබිය.
මෙම තරගාවලියේදී අකිල ධනංජය හැරුණුකොට සෙසු පන්දු යවන්නන්ගේ දස්කම් මතු නොවූ අතර, අද තරගයේදී පන්දු යවන්නන් දස්කම් දැක්වීම අනිවාර්ය වී තිබේ.
නිදහස් කුසලාන 20-20 තරගාවලියේ අවසන් මහ තරගය ලබන 18දා ආර්. ප්‍රේමදාස පිටියේදී පැවැත්වේ.
ශ්‍රී ලංකා 20-20 සංචිතය
තිසර පෙරේරා (නායක), සුරංග ලක්මාල් (උප නායක), උපුල් තරංග, ධනුෂ්ක ගුණතිලක, කුසල් මෙන්ඩිස්, දසුන් ශානක, කුසල් ජනිත් පෙරේරා, ජීවන් මෙන්ඩිස්, ඉසුරු උදාන, අකිල ධනංජය, අමිල අපොන්සු, නුවන් ප්‍රදීප්,
දුෂ්මන්ත චමීර, ධනංජය ද සිල්වා
බංග්ලාදේශ 20-20 සංචිතය
ෂකිබ් අල් හසන් (නායක), මහමදුල්ලා, තමීම් ඉක්බාල්, සෞම්‍ය සකාර්, ඉම්රුල් කේයස්, මුෂ්ෆිකර් රහීම්, සබිර් රහමන්, මුස්ටාෆිසූර් රහමන්, රුබෙල් හොසේන්, ටස්කින් අහමඩ්, අබු හයිඩර්, අබු ජයෙඩ්, අරිෆුල් හක්, නස්මුල් ඉස්ලාම්, නුරුල් හසන්, මෙහෙදි හසන්, ලිට්න් දාස්
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...