ව්‍යාපාරික පුවත්

බලය ඉල්ලන විට මුළු රටටම නිකං වයිෆයි දෙන බව කියූ මේ යහපාලන ආණ්‌ඩුව අද ජාතික ආරක්‌ෂාවටය කියා මහජනතාවගේ මුහුණු පොත ඇතුළු සමාජජාල භාවිතා කිරීමේ අයිතිය ද අහිමි කරනු ලැබ ඇත. මුලින් පැය 72 කටය කියුවත් සමාජජාල අවහිර කිරීම තවමත් යථා තත්වයට පත් කර නැත. ජාතික ආරක්‌ෂාව රැක ගැනීම ගැන අප කවුරුත් එකඟය. ඒ ගැන කිසිම ප්‍රශ්නයක්‌ නැත. එහෙත් මේ සමාජජාල මාධ්‍ය අවහිර කිරීම ආණ්‌ඩුව කර ඇත්තේ ජාතික ආරක්‌ෂාව රැක ගැනීමටද? එසේත් නැත්නම් පසුගියදා සිදු වූ නොයෙකුත් ගැටුම් නිසාමද? එසේ නම් ඒ ගැටුම්කාරී වාතාවරණය අවසන් වී තිබියදීත් තවමත් සමාජජාල අවහිර කර ඇත්තේ ඇයි ? ‘මුහුණු පොතටත් ඇඳිරි නීතිය දාලා’ යන්න රජය විසින් සමාජජාල අවහිර කිරීම ගැන අසහනයට පත් ඇතැම් තරුණ තරුණියන් කියන කතාවකි. මේ පියවර නිසා බොහෝ තරුණ පිරිස්‌a අසහනයට පත්ව ඇති අතරම, විදෙස්‌ රටවල රැකියා කරන, අධ්‍යාපන කටයුතුවල නිරත අයටද සිය පවුල් සමග සන්නිවේදන කටයුතු කර ගැනීමට ද මෙය ඉමහත් බාධාවක්‌ වී තිබේ. එසේම ව්‍යාපාරික කටයුතු වලටද මෙය අහිතකර ලෙස බලපා තිබෙන බව ව්‍යාපාරික ලෝකයෙන් අසන්නට ලැබෙයි. අනිත් අතට මෙය ජනතාවගේ නිදහසේ සන්නිවේදන කටයුතු කිරීමේ හැකියාව අවහිර කිරීමකි. වට්‌ස්‌ඇප් , වයිබර් තාක්‌ෂණයන් මෙන්ම මුහුණු පොතද අද බහුලව ව්‍යාපාරික ලෝකයේදී භාවිතා කරනු ලබයි. ව්‍යාපාරික ආයතනවලද මේවා භාවිත කරනු ලබයි. මේවා අවහිර කිරීමෙන් පොදුවේ මහජනතාවගේ සන්නිවේදන හැකියාවන්ට මෙන්ම මේ ව්‍යාපාරික කටයුතු වලට ද බලවත් අහිතකර බලපෑම ඇති වේ. ඒ නිසා මෙම රජයේ අනුවණ පියවර නිසා බොහෝ අහිතකර බලපෑම් ඇතිවන අතරම රජය කෙරෙහි දැනටමත් ඇති බලවත් අප්‍රසාදය තව තවත් වර්ධනය වීමද සිදුවෙමින් තිබේ. අඩු තරමේ රජය කියන ජාතික ආරක්‌ෂාවේ අරමුණ හෝ මේ නිසා රැකෙනවා නම් හොඳය. එහෙත් එය එසේ වන්නේද යන්න වෙනම දෙයකි. එසේම වෛරය පතුරුවන ප්‍රකාශ අක්‍රීය කිරීම හොඳය. එහෙත් මේ කියන වෛරී ප්‍රකාශ මොනවාද යන්න හරි හැටි නිර්වචනය කිරීම ද අත්‍යවශ්‍යය. නැත්නම් ඒ මුවාවෙන් ආණ්‌ඩු විරෝධය මර්දනය කිරීමට මෙය ආණ්‌ඩුව විසින් යුතු ලෙස යොදා ගැනීමේ අවධානමක්‌ තිබේ.

මේ සමාජ ජාල අවහිරය කළේ ආරක්‌ෂක අමාත්‍යංශයේ උපදෙස්‌ පරිදි විදුලි සංදේශන නියාමන කොමිෂන් සභාව විසිනි . ආණ්‌ඩුව කියන කතා කෙසේ වෙතත් මේ පිළිබඳව සමාජ මාධ්‍ය විශ්ලේෂකයෝ පෙන්වා දෙන්නේ මතුවී ඇති ගැටලුකාරී තත්ත්වයට විසඳුම සමාජ මාධ්‍ය පාලනය කිරීම නොවන බවයි. ආරක්‌ෂක අංශ හරහා සමාජ ජාල පාලනය කිරීමට ඉල්ලීමක්‌ ලැබී ඇති බවට විදුලි සංදේශන නියාමන කොමිසම සදහන් කළේය. ෙෆaස්‌ බුක්‌ ඇතුළු සමාජ ජාල විශේෂ පරීක්‌ෂාවකට ලක්‌කරන බව ද මාධ්‍ය වාර්තා කර තිබුණි. සංවිධානාත්මකව දියත්ව ඇති ජාතිවාදී ප්‍රහාරයන් වැළක්‌වීමේ පියවරක්‌ ලෙස රජය මේ පියවර ගෙන ඇති බව සඳහන් වුවත් ඊට එරෙහිව මේ වන විට සමාජයෙන් දැඩි විරෝධයක්‌ එල්ල වෙමින් තිබේ. මේ වන විටත් සමාජ ජාල අවහිර කිරීමත් සමඟ පැවැති ගැටුම්කාරී වාතාවරණය ගැන නොයෙකුත් කටකතා පැතිර යෑවීමේ ව්‍යාපාරයක්‌ දියත් කර ඇති බව ද අසන්නට ලැබිණි. ඒ හමුවේ විවිධ පාර්ශව ඇමතුම් ලබාදෙමින් ව්‍යාජ තොරතුරු ලබාදෙන බවක්‌ පැවසෙන අතර මේ නිසා ජනතාවගේ විවිධ මතවාද පිටකිරීමට සහ තොරතුරු දැනගැනීමට ඇති හැකියාව මේ ආකාරයෙන් අවහිර කිරීම කොහෙත්ම සුදුසු ක්‍රියාවක්‌ නොවන බව මේ සමාජජාල අවහිර කිරීමට එරෙහි පාර්ශව සඳහන් කරති .

කලින් කල විවිධ නව තාක්‌ෂණික භාවිතයන් ලෝකයට පැමිණෙයි. ලෝකය එම නව තාක්‌ෂණයත් සමඟ ඉදිරියට ගමන් කරයි. මෙම නව තාක්‌ෂණික සොයා ගැනීම්වල හොඳ සහ නරක දෙකම තිබෙනවා විය හැකිය. ඒ නිසා අප කළ යුතු වන්නේ එම හොඳ පැත්තෙන් අපටත්, සමාජයටත් ප්‍රයෝජන ගත හැකි ආකාරයට එම නව තාක්‌ෂණික භාවිතයන් යොදා ගැනීම මිස ඒවා අවහිර කිරීම නොවේ. අන්තර්ජාලය හරහා ගොඩනැඟෙන සම්බන්ධතා හේතුවෙන් අද ලෝකය එක්‌ යායක්‌ බවට පත් වෙමින් තිබේ. අන්තර්ජාලය භාවිතා කිරීමේ අහිතකර බලපෑම් තිබෙනවාය කියා එය භාවිත නොකොට, අපට ජන සමාජයක්‌ ලෙස ලෝකයෙන් හුදකලා වීමට පුළුවන්කමක්‌ නැත. මේ කරුණු කාරණා අප සඳහන් කළේ ‘ෆෙස්‌ බුක්‌’ සමාජජාල අවහිර කිරීම සම්බන්ධයෙන් මේ දිනවල විශාල සමාජ කතිකාවක්‌ නිර්මාණය වී ඇති නිසාය. මේ කතිකාව තුළ ෙෆස්‌ බුක්‌ සහ සමාජජාල අවහිර කිරීමේ ප්‍රශ්නය දෙස සරල මතුපිටින් බලා කරන කතාබහ මෙන්ම වඩාත් ගැඹුරින් සිදුවන කතාබහද අපට දක්‌නට ලැබේ. මේ පසුබිම තුළ අපගේ අවධානය යොමු වන්නේ සමාජජාල Êභාවිතයේ හොඳ නරක සහ එය ප්‍රයෝජනවත් මෙවලමක්‌ බවට පත් කර ගැනීමෙන් අපට ලබා ගත හැකිව තිබෙන සමාජ ප්‍රතිලාභ පිළිබඳවයි.

සමාජජාල භාවිතයේ පමණක්‌ නොව ඕනෑම දෙයක හොඳ මෙන්ම නරක ඇත. රටේ පිහි ඇනුම් සිදු වෙනවා කියා පිහියා භාවිතය අප තහනම් කරනවාද ? රථ වාහන අනතුරු සිදු වෙනවා කියා රථවාහන භාවිතයÊ අප තහනම්Ê කරනවාද ? කිසිසේත්මÊ නැත. හැම දෙයකමÊ මෙලෙස අහිතකරÊ පැත්තක්‌ ඇති නිසා අප කළ යුත්තේ ඒ හැම දෙයකමÊ යහපත්Ê ÊභාවිතයÊ ප්‍රචලිත කිරීමයි. ඒ අනුවමÊ ‘ෙෆaස්‌ බුක්‌’ සහÊ සමාජජාලÊ නිවැරැදිව භාවිත කිරීම පිළිබඳ දැනුවත්භාවය ඇති කිරීම අත්‍යවශ්‍ය දෙයකි. ඒ අතරÊ සමාජජාල භාවිත කරමින් වැරදි කරන පිරිස්‌ වලට එරෙහිව වෙනම පියවර ගත යුතුය. එසේ නැතුව පොදුවේ සමාජජාල භාවිතා කිරීම අවහිර කිරීම සුදුසු පිළිවෙතක්‌ නොවේ .

‘ෆෙස්‌ බුක්‌’ නිවැරැදිව භාවිත කළත් එහි අහිතකර බලපෑම් නැතුවාම නොවේ. පිහියකින් කෙනකුට ඇන මරා දැමීමට මෙන්ම ඉන් වෙනත් ප්‍රයෝජනයක්‌ ද ගත හැකිය. පිහියක්‌ යම් ප්‍රයෝජනයක්‌ සඳහා නිවැරැදිව පරිස්‌සමින් භාවිත කළත් ඇතැම් විට අත කැපී තුවාල සිදු වන අවස්‌ථා ද නැතුවා නොවේ. එහෙත් ඒ නිසා කලින් ප්‍රකාශÊ කළ පරිදිමÊ පිහි භාවිතය තහනම් කළ යුතු යෑයි අපි නොකියමු. ‘ෆෙaක්‌ බුක්‌’ භාවිතය ගැන හොඳ හැටි දැනුම්වත් වීම තුළින් එය ප්‍රයෝජනවත් මෙවලමක්‌ බවට පත් කර ගැනීමට මෙන්ම ඒ නිසා සිදු විය හැකිව තිබෙන අහිතකර බලපෑම් අවම කර ගැනීමටද හැකියාව ලැබේ. එහෙත් ‘ෆෙස්‌ බුක්‌’ භාවිතය කිසියම් ඇබ්බැහියක්‌ බවට පත් වීමට ඉඩ ඇති දෙයක්‌ නිසා ඉගෙන ගන්නා කාලයේදී පාසල් සිසු දරුවන් ඕනෑවට වඩා zෙෆස්‌ බුක්‌’ ගිණුමේ ඇලී ගැලී සිටීම අහිතකරය. තම අධ්‍යයන කටයුතු ඒ නිසා අතපසු විය හැකිය. ‘ෆෙස්‌ බුක්‌’ පමණක්‌ නොව ඕනෑම දෙයකට ඕනවට වඩා ඇබ්බැහි වීම අහිතකරය. ඉගෙන ගන්නා කාලයේදී ඕනෑවට වඩා රූපවාහිනිය බලන්නට ඇබ්බැහි වීමද අහිතකරය. ඕනෑවට වඩා සෙල්ලම් කිරීමත් හොද නැත .
ෙෆaස්‌ බුක්‌ සම්බන්ධයෙන් ඇතිව තිබෙන කතිකාවේදී එය තහනම් කළ යුතු බවට වූ අදහස්‌ ද අතරින් පතර ඉදිරිපත්ව තිබේ . එහෙත් රජය එවැනි තීරණයක්‌ තවමත් ගෙන නැත. චීනය වැනි රටවල zෙෆස්‌ බුක්‌’ තහනම් කොට තිබුණත් තම රටේ ක්‍රියාත්මක එවැනිම වෙනත් සමාජ ජාල වෙබ් අඩවි, එහි නිර්මාණය කරගෙන තිබේ. එහෙත් චීන තරුණ තරුණියන් අතරද ‘ෆෙස්‌ බුක්‌’ ජනප්‍රියය. ඔවුන් බොහෝ දෙනකුට ‘ෆෙස්‌ බුක්‌ ගිණුම් තිබේ. චීනයේ නිල වශයෙන් ‘ෆෙස්‌ බුක්‌’ තහනම් වුවත් ඔවුන් ෙෆaස්‌ බුක්‌ ගිණුම් භාවිතා කරමින් තම රටේ මිතුරු මිතුරියන් සමග මෙන්ම වෙනත් රටවල අය සමග ද සම්බන්ධතා පවත්වති. 2013 වසරේ සැප්තැම්බර් මාසයේ ශ්‍රී ලාංකීය සංචාරක ප්‍රවර්ධන වැඩසටහනකට සහභාගිවීමට චිනයේ බීජීං නගරයට ගිය අවස්‌ථාවේ එරට විශ්වවිද්‍යාල ශිෂ්‍ය ශිෂ්‍යාවන් ගණනාවක්‌ම හඳුනා ගන්නට මේ ලියුම්කරුට අවස්‌ථාව ලැබිණි. අපත් සමඟ මිත්‍ර වූ මේ චීන සිසුන් බොහෝදෙනකුට ද ‘ෆෙස්‌ බුක්‌ ගිණුම් තිබෙන අතරම ඔවුන් බොහෝ විට අප සමග තොරතුරු හුවමාරු කර ගත්තේද ‘ෆෙස්‌ බුක්‌’ ගිණුම හරහාය. ‘ෆෙස්‌ බුක්‌’ තහනම් කර ඇති චීනය සම්බන්ධයෙන් ඇත්ත කතාව එයයි. ඒ නිසා ‘ෆෙස්‌ බුක්‌’ තහනම් කිරීමට පක්‌ෂව සහ විපක්‌ෂව කතා කරමින් විනෝදයක්‌ ලැබිය හැකි වුවත් එය තහනම් කිරීම ප්‍රායෝගික දÊ සහ එය සුදුසුද යන ප්‍රශ්නය තිබේ.

තත්ත්වය මෙසේ වුවත් අන්තර්ජාලය මෙන්ම සමාජ ජාල වෙබ් අඩවි භාවිතය පිළිබඳව පාසල් සිසු සිසුවියන්, ගුරුවරුන් මෙන්ම ජන සමාජයද පුළුල් වශයෙන් දැනුම්වත් කිරීම ඉතා වැදගත්ය. අධ්‍යාපන අමාත්‍යාංශය, තොරතුරු තාක්‌ෂණ හා විදුලි සංදේශ අමාත්‍යාංශය, ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‌ෂණ නියෝජිතායතනය සහ පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය වැනි රජයේ ආයතනවලට මෙන්ම රටේ තොරතුරු හා සන්නිවේදන තාක්‌ෂණ විද්වතුන්ට ද මේ සම්බන්ධයෙන් වගකීමක්‌ තිබේ. එය යම්තාක්‌ දුරකට දැනටත් අප්‍රකටව සිදු වෙමින් තිබුණත් එය ප්‍රමාණවත් නොවන බව අපගේ හැඟීමයි. අන්තර්ජාලය, ඊමේල්a, වයිබර් සහ ෙෆaස්‌බුක්‌ වැනි තාක්‌ෂණ මෙවලම් නිවැරදිව භාවිත කරන හැටි මෙන්ම ඒවායින් වැඩ ගනිමින් ඒවා ප්‍රයෝජනවත් මෙවලම් බවට පත් කර ගැනීමටද මේ දැනුම අත්‍යවශ්‍යය.

නීති සහ තහංචි පැනවීමකට වඩා ස්‌වයං හික්‌මීමකින් මෙන්ම වගකීමකින් යුතුව අන්තර්ජාලය හා සමාජ ජාල වෙබ් අඩවි භාවිතා කරන්නේ නම් ඒ ආශ්‍රිතව සිදුවන ඇතැම් අවාසනාවන්ත සිදුවීම් වළක්‌වා ගතÊ හැකි වේ. එහෙත් කෙතරම් දැනුම්වත් කළත් ඕනෑම දෙයක්‌ අවභාවිත කරන අය සිටී. පියවර ගත යුත්තේ එවැනි අවභාවිත කිරීම් සම්බන්ධයෙනි. එවැනි අවභාවිත කිරීම් සිදු කරන්නන් සම්බන්ධයෙනි.
ෙෆaස්‌ බුක්‌ සමාජ ජාල වෙබ් අඩවිය අලෙවිකරණ මෙවලමක්‌ වශයෙන්ද අපට යොදා ගත හැකිය. තමා සතුව දැනටමත් තිබෙන ෙෆaස්‌බුක්‌ ගිණුම හරහා මෙන්ම අලුත් ෙෆaස්‌ බුක්‌ පිටුවක්‌ නිර්මාණය කර ගැනීම මගින්ද කිසිදු වියදමකින් තොරව මේ අලෙවිකරණ කටයුත්ත සිදු කළ හැකිය. තමා පිළිබඳව, තමාගේ නිර්මාණ පිළිබඳව මෙන්ම යම්කිසි භාණ්‌ඩයක්‌ හෝ සේවාවක්‌ පිළිබඳවද ෙෆaස්‌ බුක්‌ ගිණුමක්‌ හරහා මෙන්ම ඒ වෙනුවෙන්ම නිර්මාණය කළ ෙෆaස්‌ බුක්‌ පිටුවක්‌ හරහා ද මේ අලෙවිකරණ කාර්යය කළ හැකි වේ. පසුගිය දිනවල පළාත්පාලනÊ මැතිවරණය ඉලක්‌ක කර ගනිමින් දේශපාලනඥයන්ද තම ප්‍රතිරූපය ෙෆaස්‌බුක්‌ හරහා ප්‍රචලිත කර ගත්තේය. ඇතැම් ව්‍යාපාරික ආයතනවලට මෙන්ම භාණ්‌ඩ හා සේවා සම්බන්ධයෙන් ද ෙෆaස්‌ බුක්‌ ගිණුම් හා පිටු නිර්මාණය කර ගෙන තිබේ. මෙසේ හුදෙක්‌ මිතුරු සම්බන්ධතාවලට අමතරව ව්‍යාපාරික හා ආර්ථික ප්‍රතිලාභ අරමුණු කර ගනිමින්ද ෙෆaස්‌ බුක්‌ සමාජ ජාලය භාවිතා කරන අය සිටිති. එය වරදක්‌ නොවේ. ඉතා පහසුවෙන් හා වියදමකින් තොරව තම භාණ්‌ඩ හා සේවාවලට ප්‍රචාරයක්‌ ලබා ගනිමින් සහ ඒ පිළිබඳව සෙසු අයට දැනුම සහ තොරතුරු ලබා දෙමින් ව්‍යාපාරිකයන්ට තම භාණ්‌ඩ හා සේවාවලට යම් ඉල්ලුමක්‌ නිර්මාණය කරගත හැකිය. ෙෆaස්‌ බුක්‌ වෙබ් අඩවියේ එම භාණ්‌ඩ හා සේවා ප්‍රචලිත කළ පමණින්ම අලෙවි වන බවට සහතිකයක්‌ නැත. එහෙත් ඒ හරහා ලැබෙන ප්‍රචාරය හා ඉල්ලුම හරහා එම නිෂ්පාදනවලට අලෙවියක්‌ නිර්මාණය කර ගැනීමට අවකාශ සැලසේ. මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය නලින් අබේසේකර මහතා මෙසේ පවසයි.

‘මුදල් ගෙවීමකින් තොරව මෙන්ම මුදල් ගෙවා ෙෆaස්‌ බුක්‌ සමාජ ජාල අඩවියේ අලෙවිකරණය කරන්න පුළුවන්. පුද්ගලයන්, නිර්මාණ මෙන්ම භාණ්‌ඩ හා සේවා ඒ අතර වෙනවා. බොහෝ අය ඊට කැමැත්ත පළ කිරීම හරහා මේ ගැන අන් අයට ප්‍රචාරය වීමක්‌ සිදු වෙනවා. එසේම එම අලෙවිකරණයට භාජනය වන භාණ්‌ඩ හා සේවා පිළිබඳව අන් අය දැනුවත් වීම ද සිදු වෙනවා. ඒ තුළින් එම භාණ්‌ඩ හා සේවා අලෙවිකර ගැනීමට පහසු වාතාවරණයක්‌ උදාකර ගන්න පුළුවන්. මේ ආකාරයට ෙෆaස්‌ බුක්‌ සමාජජාල වෙබ් අඩවිය කෙනෙකුට අවශ්‍ය නම් හොඳ අලෙවිකරණ මෙවලමක්‌ ලෙස යොදා ගන්න පුළුවන්.’

මීට අමතරව ෙෆaස්‌ බුක්‌ සමාජ ජාලය නිවැරදිව භාවිතා කිරීමෙන් උදා කරගත හැකි තවත් වාසි හා ප්‍රතිලාභ බොහොමයක්‌ ද සඳහන් කළ හැකිය. මීට අමතරව තනිකම, පාළුව මකා ගැනීමට සහ මිතුරු සම්බන්ධතා ගොඩනඟා ගනිමින් කිසියම් මානසික සුවයක්‌ ලබා ගැනීමටද ෙෆaස්‌බුක්‌ ඉවහල් වේ. එය මානසික ආතතිය අඩු කිරීමට ඉවහල් වන්නක්‌ බවද මනෝ වෛද්‍යවරු පවසති. එහෙත් එය භාවිතයේදී ස්‌වයං හික්‌මීමක්‌ සහ විනයක්‌ ද තමන් සතුව තිබිය යුතුමය. මිතුරු සබඳතා (දේශීය හා විදේශීය) ඇති කර ගැනීමට මෙන්ම පවතින මිතුරු සබඳතා රැක ගනිමින් ඒවා දිගටම පවත්වා ගැනීමටද ෙෆaස්‌ බුක්‌ ගිණුම ඉවහල් වෙයි. එසේම මුදල් ගෙවා සුබපැතුම්පත් මිලදීගෙන තැපැල් කරනවා වෙනුවට ඉතා පහසුවෙන් හා වියදමකින් තොරව ෙෆaස්‌ බුක්‌ ගිණුම හරහාම උපන් දිනය වෙනුවෙන් තම මිතුරන්ට සුබ පැතීමටද අපට පුළුවන.
ෙෆaස්‌ බුක්‌ භාවිතය ප්‍රචලිත වීමත් සමග එවැනි සමාජ ජාල සඳහා විශාල පිරිසක්‌ එක්‌වීම හරහා ජනතාවට වාරණයකින් තොරව නිදහසේ පණිවුඩ ලබාදිය හැකි මාධ්‍යයක්‌ ලෙසද ෙෆaස්‌ බුක්‌ යොදාගත හැකිය. මෙලෙස ෙෆaස්‌ බුක්‌ භාවිතයේ වාසි හා ප්‍රතිලාභ රැසක්‌ සඳහන් කළ හැකි අතරම, එය නිසි දැනුමකින් තොරව සහ වැරදි අතට භාවිතා කිරීමෙන් තමාට මෙන්ම සමාජයටද හානි සිදු විය හැකිය. ආණ්‌ඩුවේ දැනට පවතින සමාජ ජාල අවහිර කිරීම සම්බන්ධයෙන් ආණ්‌ඩුවේ විවිධ අය විවිධ කතා කියති. මේ සම්බන්ධයෙන් ආණ්‌ඩුව ඉදිරියට කවර පියවර ගත්තත් ඒ හරහා සමාජ ජාල භාවිත කරන ලක්‍ෂ සංඛ්‍යාත පිරිසක්‌ අතර ආණ්‌ඩුව සතුරු හැඟීමක්‌ ඇති කර ගෙන අවසන්ය. පසුගියදා කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශය විසින් සංවිධානය කර තිබූ තොරතුරු දැන ගැනීමේ අයිතිය පිළිබඳ වැඩමුළුවේදී සන්නිවේදන විශේෂඥ නාලක ගුණවර්ධන මහතාම ප්‍රකාශ කළේ සමාජ ජාල අවහිර කිරීම ආණ්‌ඩුවේ මෝඩ අමන තීන්දුවක්‌ බවයි.

ශ්‍යාම් නුවන් ගනේවත්ත



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More