අන්තර් ක්‍රීඩා සමාජ පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ එන්. සී. සී. පිල නියෝජනය කරන ලසිත් මාලිංග ඊයේ (14 දා) සී. සී. සී. කණ්‌ඩායම සමග පැවැති තරගයේදී ලකුණු 24 ට කඩුලු 4 ක් දවා ගනිමින් සිය පළමු පෙළ කඩුලු දහසේ සීමාව පසුකර යැමට සමත් විය.
34 හැවිරිදි ලසිත් මාලිංග පළමු පෙළ තරග 84 කදී කඩුලු 257 ක්‌ද, පළමු පෙළ එක්‌දින තරග 261 කදී කඩුලු 393 ක්‌ද, පළමු පෙළ විස්‌සයි විස්‌ස තරග 256 කදී කඩුලු 352 ක්‌ද වශයෙන් දවා ගනිමින් මේ වන විට සමස්‌ත පළමු පෙළ කඩුලු සංඛ්‍යාව 1002 දක්‌වා ඉහළ දමා ගැනීමට සමත්ව තිබේ.
ජාතික කණ්‌ඩායමේ ස්‌ථානය අහිමි වීමෙන් පසුව දිගින් දිගටම පළමු පෙළ තරග ක්‍රීඩා කරමින් සුපුරුදු රිද්මය සොයා යන මාලිංග පසුගියදා අවසන් වූ පළමු පෙළ විස්‌සයි විස්‌ස තරගාවලියේ වැඩිම කඩුලු ලාභියාද විය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...