ක්‍රීඩා පුවත්

නිදහස්‌ කුසලාන පන්දුවාර විස්‌සයි විස්‌ස තුන්කොන් ක්‍රිකට්‌ තරගාවලියේ අවසන් මහා තරග වරම ලබා ගැනීම කණ්‌ඩායම් තුනටම විවෘතව ඇති අතර ඒ අනුව ඊයේ රාත්‍රියේ පැවැති ඉන්දියාව සහ බංග්ලාදේශය අතර තරගයත් හෙට (16 දා) පැවැත්වෙන ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර තරගයත් ජය ගන්නා කණ්‌ඩායම අවසන් සටනට සුදුසුකම් ලබනු ඇත.

ඊයේ රාත්‍රියේදී ඉන්දියානුවන් තරගය ජය ගැනීමට සමත් වුවහොත් ඔවුන් ගැටලුවකින් තොරවම අවසන් සටනට සුදුසුකම් ලබන අතර බංග්ලාදේශය ජය ගතහොත් අවසන් මහා තරගයේ ස්‌ථානය සඳහා සුදුසුකම් ලබන කණ්‌ඩායම් දෙක නම් කිරීමට හෙට පැවැත්වෙන ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර තරගයේ තීරණය දෙස බලා සිටීමට සිදුවනු ඇත.

මූලික වට ද්විත්වයේදී පැවැති තරගවලදී සෑම කණ්‌ඩායමක්‌ ජයග්‍රහණය සහ පරාජයන් බැගින් ලබා ගැනීමට සමත් වීමෙන් අවසන් මහා තරගයේ ස්‌ථානය සඳහා විවෘත සටනක්‌ නිර්මාණය විය. ඊයේ තරගය ඉන්දියාව ජය ගැනීමට සමත් වුවහොත් බංග්ලාදේශය සහ ශ්‍රී ලංකාව අතර තරගයේ ජයග්‍රාහකයන් ඉන්දියාව සමග මහ සටනට පිවිසෙනු ඇත.

මේ වන විට ප්‍රසාද ලකුණු සටහනේ පළමු තැන ඉන්දියාවටත්, දෙවැනි තැන ශ්‍රී ලංකාවට ලැබීම හේතුවෙන් බංග්ලාදේශයට වැඩි දළ ලකුණු වේගයක්‌ සමග තරග වැදීමට සිදුව තිබේ. ඒ අනුව ඊයේ තරගය ඉන්දියාව පරාජය වුවද හෙට තරගයේදී ශ්‍රී ලංකාව ජය ගතහොත් අවසන් සටනට පිවිසීමේ වැඩි අවස්‌ථාව ශ්‍රී ලංකාවට නැඹුරුව තිබේ.

කුසල් මෙන්ඩිස්‌ සුවෙන්

ඉන්දියාව සමග පැවැති තරගයේදී පන්දු රකිමින් සිටියදී පාදයේ මස්‌ පිඩු ආබාධයකට ලක්‌වූ කුසල් මෙන්ඩිස්‌ දැන් පූර්ණ සුවය ලබා ඇති බවත් ඔහුට හෙට තරගය සහ අවසන් මහා තරගය ක්‍රීඩා කිරීමට උචිත ශාරීරික යෝග්‍යතාවක්‌ ඇති බවත් කණ්‌ඩායම් ආරංචි මාර්ගවලින් වාර්තා වේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More