මුහුණු පොතෙන්

කොරෝනා වයිරසය ( COVID-19 ) භාවිතා කරන ලද ගෝස් මුහුණු ආවරණයක සතියක් දක්වා කාලයක් නොනැසී පැවතිය හැකි බව හොංකොං විශ්ව විද්‍යාලයේ සහ ඇමරිකානු ජාතික අසාත්මිකතා හා බෝවන රෝග පිළිබඳ ආයතනයේ විශේෂඥ කණ්ඩායමක් පවසයි.

විවිධ පෘෂ්ඨයන්හි කාමර උෂ්ණත්වයේදී රසායනාගාර තත්වයන් යටතේ මෙම අධ්‍යයනයන් සිදු කරන ලදී.

එහි දී වෛරසය මුද්‍රන කඩදාසි මත පැය තුනකට වඩා අඩු කාලයක් පැවති අතර සකස් කළ ලී සහ කපු රෙදි මත දින දෙකක් දක්වා පැවතුණි. වීදුරු සහ මුදල් නෝට්ටු වල, වෛරසය සම්පූර්ණයෙන්ම ඉවත් වීමට දින හතරක් ගත විය. මල නොබැඳෙන වානේ සහ ප්ලාස්ටික් මත එය දින 4 සිට 7 දක්වා පැවතුණි.

සාම්ප්‍රදායික ගෘහස්ථ විෂබීජ නාශක මගෙන් වෛරසය විනාශ කිරීමට හැකිබවද විද්‍යාඥයෝ මෙහිදී සොයා ගත්හ. විශේෂයෙන් නිතර දෑත් සේදීමෙන් හා සනීපාරක්ෂාව පිළිබඳ සැලකිලිමත් වීමෙන් තමන්ගේ ආරක්ෂාව සලසාගත හැකි බව ඔවුන්ගේ වාර්තාවේ දැක්වේ.

මූලාශ්‍ර
news.mail.ru



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More