දේශීය පුවත්

කොරෝනා වෛරස ව්‍යාප්තිය සලකන විට ඉහළ අවදානමක් සහිත කලාප ලෙස හඳුනාගෙන ඇති කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, මහනුවර , යාපනය දිස්ත්‍රික්කවල සහ රත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුර හා පැල්මඩුල්ල පොලිස් බල ප්‍රදේශ සඳහා දැන් ක්‍රියාත්මක ඇඳිරි නීතිය නැවත දන්වනතුරු දිගටම බලාත්මකව පවතී.

සෙසු සියලු දිස්ත්‍රික්කවල අද(09) උදේ 06.00 ට ඇඳිරි නීතිය ලිහිල් වු අතර, එදිනම සවස 04.00 ට යළි පනවනු ලැබේ.

මේ දිස්ත්‍රික්කවල එසේ යළි පනවන ඇඳිරි නීතිය අප්‍රේල් 14 අඟහරුවාදා උදේ 06.00 ට ඉවත් කොට එදිනම සවස 04.00  සිට නැවත ක්‍රියාත්මක කෙරේ.

මේ අතර ඊ‍යේ රාත්‍රියේ රත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුර හා පැල්මඩුල්ල පොලිස් බල ප්‍රදේශ සඳහා දැන් ක්‍රියාත්මක ඇඳිරි නීතිය නැවත දන්වන තුරු බලාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශ කාර්යාලය පවසයි.

ඒ අනුව රත්නපුර හා පැල්මඩුල්ල පොලිස් බල ප්‍රදේශ හරහා ගමනාගමනය සම්පූර්ණයෙන්ම තහනම් කරනු ලැබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශ කාර්යාලය වැඩිදුරටත් පැවසීය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More