මුහුණු පොතෙන්

ආදායම් මාර්ගයක් ලෙස කාන්තා ඇඳුම් මැසීමේ ව්‍යාපාරයක් මා විසින් පවත්වාගෙන ගියේ කුලී පදනම මත ලබාගත් කඩ කාමරයකය.රටේ හදිසි තත්වයක් උද්ගතවූ දින පටන් වයාපාර ස්ථානය වසා දමා සම්පූර්ණයෙන්ම අක්‍රීය තත්වයේ පවතී.ව්‍යාපාර ස්ථානය,මා පදිංචි ස්ථානයේ සිට කිලෝ මීටර 22ක් පමණ දුරක ඇති නිසාත්, මහන මැෂින් ආදී සියලු දෑ එහි නිසාත් මට කිසිම අයුරකින් නිවසේ සිට හෝ මැහුම් කටයුතු කිරීමට හැකියාවක් නැත.

එවන් පසුබිමක,කඩ හිමියා විසින් මාහට ඇමතුමක් ලබාදෙමින් කඩ කුලිය ගෙවන ලෙස දන්වා සිටියි….!! 😥

ජාතික ගැටළුවකට මුහුණ දී ඇති අවස්ථාවක, ඇඳිරිනීති කාලයක් ප්‍රකාකර ඇති විටක අත්‍යාවශ්‍ය සේවාවක් නොවන මෙවැනි ව්‍යාපාරය කිසිඳු ආදායමක් නොලබන තත්වයක පවතිද්දී, කඩ හිමියන් කඩ කුලී ඉල්ලා සිටීම කෙතරම් මානුෂීයදැයි නොවැටහේ….

* මේ අවස්ථාවේදි, එවැනි ව්‍යාපාර වෙනුවෙන් රාජ්‍ය මට්ටමින් හෝ ප්‍රාදේශීය මට්ටමින් යම් කිසි මැදිහත්වීමක් ඇති බවක් කිසිවෙක් දන්නේ නම් මා දැනුවත් කරන්න..

* එසේ නැති නම් ප්‍රාදේශීය සභා මට්ටමින් මැදිහත්ව කඩ හිමියන් හා ව්‍යාපාරිකයන් අතර යම් කිසි සාධාරණ එකඟතාවයකට කටයුතු සලස්වන්නේ නම් අප වැනි කුඩා ව්‍යාපාර හිමියන්ට මහත් සහනයක් වේවී..

සහනදායී පිළිතුරක් ලබා දිය හැකි අයෙකුගේ අවධානය පිණිසයි..!
=====================================
( බොහෝ දෙනෙකු මේ අවස්ථාවේ මෙහි නීත්‍යානුකූල තත්වය ගැන උපදෙස් දෙන හෙයින් නැවත ලියමි.
බදු ක්‍රමයේ නීත්‍යානුකුල තත්වය මම දනිමි.ඒ නිසා ඒ ගැන නැවත උපදෙස් දිය යුතු නොවේ. අවශ්‍ය වන්නේ රටේ පවතින තත්වය හමුවේ ගැටලුවට ප්‍රාදේශීය සභා මට්ටමින් හෝ සාධාරණ විසඳුමක් ලබා ගැනීමට ක්‍රමයක් ඇද්ද යන්න දැනගැනීමයි..)

ඉන්දු ලියනගේ



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More