දේශීය පුවත්

මේ දවස්වල ඇඳිරි නීතියත් එක්ක එදා වේල හම්බකරගෙන කාපු බීපු මිනිස්සුන්ට මේක බොහොම අමාරු කාලයක් කියන එකනම් අමුතුවෙන් කියන්න දෙයක් නොවෙයි. මහමග තමන්ගේ ජීවිතය ගෙවන අහිංසක ජීවිත වගේම වයසක අම්මලා තාත්තලා ගොඩක් මේ හේතුව නිසා අසරණ වී ඇත.

තමන්ගේ මිනිස්සුන්ගේ අසරණකමේදී හැමදාමත් වගේ පිහිටට එන අපේ මිනිස්සු මේ වතාවෙත් දෙපාරක් හිත හිත හිටියේ නෑත.

ඉතින් මේ වගේ අසරණ වුන පවුල්වලට අත්‍යවශ්‍ය යන කණ්ඩායමක් ගොඩවදිනවා එක වයසක අම්ම කෙනෙක්ගේ ගෙදරකට. ගතේ වාරු නැති, ඉන්නට හරිහමන් නිවහනක් නැති, තනියට උදව්වට දරු මුණුබුරෙක් නැති මේ වයසක අසරණ අම්මට මේ පිරිස ලොකු බඩු මල්ලක් ලබා දෙයි.

හැබැයි නිකන්ම මේක පිළිගන්නත් ඇයගේ අදහසක් නෑහැ. හැමෝම එපා කියද්දී තමන් අතේ තියන රුපියල් 200න් 100ක් මේ පිරිස අතට දෙන්න මේ උතුම් හදවත හිත හිතා ඉන්නේ නෑහැ.

ගමේ විහාරස්ථානයේ ස්වාමීන් වහන්සේ නමක් සමග ගමේ ගෙවල් වෙත යන මේ පිරිස ඒ ආධාරයක් විදිහට සලකලා මේ පුංචි මුදල පිළිගන්නේ ඇයට පින්දෙමිනි. බලන්න තමන්ගේ නැතිබැරිකම් හමුවේ වුනත් මේ වගේ පිනට ලැදි ඇයගේ සුන්දර හදවත කොයි තරම්ද කියා.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

UNP එකෙන් අයින් කළ 99 දෙනා මෙන්න

එක්සත් ජාතික පක්ෂයට එරෙහිව සමගි ජන බලවේගය යටතේ මහා මැතිවරණයට නාම යෝජනා ලබා දුන් හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍ර...


Read More

මැතිවරණ කොමිසමේ නිලධාරීන්ට එන්.ජී.ඕ සත්කාර – නිලධාරීන්ගෙන්ම විවේචන

පසුගිය 27 සහ 28 දින වල බේරුවල ප්‍රදේශයේ හෝටලයකදී මැතිවරණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස්වරුන්ට සහ කොමිසමේ නිලධාරීන්ට එන්...


Read More

වී වගාවට සහ සහල් කර්මාන්තයට වින කටින්නේ සහල් මාෆියාවක්ද නැතහොත් තිරිඟු පිටි මාෆියාවද?

වි වගාව සහ සහල් කර්මාන්තය විනාශ කිරීම සඳහා දීර්ඝ කාලයක් තිස්සේ ක්‍රියාත්මක වූ ක්‍රියාවලිය රටේ ආහාර සුරක්ෂිතතාවය අනතුරට ලක් ...


Read More