ව්‍යාපාරික පුවත්

රටපුරා එළවළු බෙදාහැරීමේ නව ක්‍රමවේදය යටතේ පැය 12 ක පමණ කාලයක් ඇතුළත දිවයිනේ ඕනෑම ප්‍රාදේශිය ලේකම් කාර්යාලයක් වෙත දඹුල්ලේ සිට එළවළු ගෙනවිත් බාර දීමට හැකි බව දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ කළමනාකරණ භාරයේ  කළමනාකරු  ක්‍රිස්ටි විජේරත්න මහතා අද(08 ) දින පැවසීය.

ප්‍රාදේශිය ලේකම් කාර්යාල හරහා එළවළු දඹුල්ලේ එළවළු මෙහෙයුම් කාර්යාලය මගින් සිදු කෙරෙන කාර්යය පිළිබඳව ජනතාව දැනුවත් කරමින් ක්‍රිස්ටි විජේරත්න මහතා මේ බව සඳහන් කළේය.

දඹුල්ල ඒකාබද්ධ ගොවි පදනමේ සභාපති ආර් . බී .හේරත් මහතා දඹුල්ල ආර්ථික මධ්‍යස්ථාන වෙළෙඳ සංගමයේ සභාපති චන්න  ඇරැවුල මහතා ද එක් වෙමින් නව එලවලු බෙදා හැරීමේ ක්‍රමවේදය පිළිබඳව ජනතාව දැනුවත් කරනු ලැබීය.

ඒ අනුව දඹුල්ල ආර්ථික මධ්‍යස්ථාන කළමනාකරණ භාරයේ කළමනාකරු  ක්‍රිස්ටි විජේරත්න මහතා කියා සිටියේ එළවලු ව්‍යාපාර සිදුකළ යුත්තේ තම  ප්‍රාදේශිය ලේකම් කාර්යාලයට ගොස් තමන්ට අවශ්‍ය එළවළු  ඇනවුම ප්‍රාදේශිය ලේකම්වරයා වෙත ලබාදෙන ලෙසය .

එම ලබාදෙන  ඇණවුම්  එම අවස්ථාවේම විද්‍යුත් තැපෑල මගින් හා ෆැක්ස් මඟින් දඹුල්ල මෙහෙයුම් කාර්යාලයට ලැබෙන බවත් ඒ අනුව එම ඇණවුම් ආර්ථික මධ්‍යම ව්‍යාපාරිකයින් හරහා ගොවීන්ට ලබා දී ගොවි නිෂ්පාදන ඉතා පිරිසිදු  පැය 12 ක පමණ කාලයක් ඇතුළත නැවත ප්‍රාදේශිය ලේකම් කාර්යාලය වෙත ලොරි මගින් ප්‍රවාහන  කර දීම සිදු වෙන බව ය.

මෙමඟින් අතරමැදි ජාවාරම්කරුවන් ගෙන් තොර නිශ්චිත මිල ගණන් යටතේ පිරිසිදු එළවළු තොග ලබාදීම සිදුකරන බවද හෙතෙම පැවසීය.

දඹුල්ල ඒකාබද්ධ ගොවි පදනම සභාපති  ආර් .බී .හේරත් මහතා කියාසිටියේ දිවයින පුරා විසිරී සිටින ගොවීන්ගෙන්  අඩු මුදලට එළවළු ලබාගෙන තැන තැන විශාල මිල ගණන් යටතේ අලෙවි කරන ජාවාරමක් ක්‍රියාත්මක වන බවය.

එමනිසා එවැනි කූට ජාවාරම්කරුවන්ට හසුනොවී රජය විසින් ක්‍රියාත්මක කොට ඇති යාන්ත්‍රණය හරහා ඉහළ මිල ගණන් යටතේ තම නිෂ්පාදන ව්‍යාපාරික මහතුන් සමග එක්ව අලෙවි කර ගන්නා ලෙසය එලෙස තමන් ගොවීන්ගෙන් ඉල්ලා සිටින බව ය.
එමෙන්ම ආර් .බි. හේරත් මහතා වැඩිදුරටත් එළවළු මිලදී ගන්නා මිල ගනන් පිළිබඳවද ජනතාව දැනුවත් කළේ ය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More