විදේශ පුවත්

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, වෛරස් රෝගය සමඟ සටන් කළ වූවාන් වැසියන්ගෙන් ලොවටම පාඩමක් ඉගෙන ගත හැකි බවයි.

පසුගිය වසරේ දෙසැම්බර් මස මේ නගරයෙන් වෛරස් රෝගියෙකු හමුවුණි.

එවක ලෝක අවධානය වැඩි වශයෙන් යොමු නොවුනත් ඔහු හැඳින් වූයේ කොරෝනා වෛරස් ආසාදිතයෙකු ලෙසයි.

වූවාහන්වලින් ඇරඹි එය ක්‍රමයෙන් චීනයේ බීජිං අගනුවර ඇතුළු ෂැංහයි සහ ෂෙන්සෙන් යන නගර වෙත ව්‍යාප්තවීට වැඩි කාලයක් ගත වූයේ නොමැත.

මේ කාලය තුළදී චීනයට පමණක් සීමා වූ කොරෝනා වෛරස් ආසාදිතයින් ලොව වෙනත් රටවලින් ද වාර්තා වන්නට පටන් ගත්තේය.

මේ රෝගයේ බරපතළකම වටහා ගත් ලොව ප්‍රමුඛ පෙළේ නිෂ්පාදකයෙකු වූ චීනය දැඩි නීති සහ සීමාවන් පැනවීමට තීරණය කළේ, කොරෝනාවලට එරෙහි සටන අරඹමින්ය.

ඒ අනුව මිලියන 11ක් පමණ වූ ජනතාව නිවසට සීමා කළ චීන බලධාරීන්, වූවාහන් ප්‍රාන්තය සම්පූර්ණයෙන්ම වසා දැමුවාය.

කඩි ගුලක් මෙන් ඇවිස්සුණු චීනයේ නගර ක්‍රම ක්‍රමයෙන් පාලුවට ගියේ කිසිවෙකුත් අපේක්ෂා නොකළ අන්දමින්ය.

දින 76ක කාලයක් විවිධ දුෂ්කරතා මැද හුදෙකලා ජීවිතයක් ගත කළ වූහාන් වැසියන් අද අලුත් ජීවිතයකට පිවිසියාය.

ඊයේ මධ්‍යම රාත්‍රී සිට වූහාන් නගරය විවෘත කිරීමේ අවස්ථාව සනිටුහන් කෙරුණේ, විවිධ වර්ණයන්ගෙන් යුත් ආලෝක ධාරා ප්‍රදර්ශනය කරමින්ය.

කොරෝනා වෛරසට එරෙහිව සටන් කළ චීන ජාතිකයින්ගේ වීරත්වයට ගෞරව දැක්වීම එමගින් සංකේතවත් කෙරුණි.

සාමාන්‍ය ජීවිතයට හුරුවන වූහාන් වැසියන්ට විද්‍යුත් කේතයක් ලබාදී තිබුණේ, ඔවුන්ගේ නිරෝගී කම සහතික කිරීම සඳහායි.

ඒ අනුව සති 11ක් වසා දැමුණු වූහාන් ප්‍රාන්තයේ පළමු දුම්රිය නැංනින් නගරය දක්වා ධාවනය කෙරුණේ මේ ආකාරයෙන්ය.

එමෙන්ම කොරෝනා භීතියෙන් වෙළුණු වූහාන් භූමිය ආමන්ත්‍රණය කළ පළමු ගුවන් යානය ද අද දිනයේම පැමිණීම විශේෂත්වයකි.

වූහාන්වලින් ලොවටම ඉගෙනගත හැකි පාඩම බී.බී.සී නාලිකාව මෙලෙස ගෙන ආවේ කුඩා දරුවෙකු උපුටා ගනිමින්ය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More