මුහුණු පොතෙන්

බළලුන් ඇතුළු සුරතල් සතුන් තම නිවෙස්වලම තබා ගන්න යැයි බ්‍රිතාන්‍ය පශු වෛද්‍යවරු පිරිසක් විසින් උපදෙස් නිකුත් කර තිබෙනවා..

පර්යේෂණයකින් හෙළි වී ඇත්තේ බළලුන්ට වෙනත් බළලුන්ගෙන් වයිරසය පැමිණිය හැකි බවයි.

සතුන් තුළ ‍වයිරසය තිබේදැයි සොයා ගැනීමට කරන ලද පර්යේෂණ අනුව සුරතල් සතුන් තම ලෝම තුළ මේ වයිරසය තැන තැන රැගෙන ගොස් බෝ කිරීමේ ප්‍රවණතාවක් ඇති බව තහවුරු වී තිබෙනවා.

ඒ හේතුවෙන් බ්‍රිතාන්‍ය පශු වෛද්‍ය සංගමයේ සභාපති ඩැනියෙලා ඩොස් සැන්ටොස් සඳහන් කරන්නේ මෙම අවධානනම වළක්වාගැනීම සඳහා සුරතල් සතුන්ගේ හිමිකරුවන් විසින් ඉතා ප්‍රවේශම් සහගත මෙන්ම සතුන් ද ආරක්ෂා කරගෙන තමන්ද ආරක්ෂා වන උපක්‍රම අනුගමනය කළ යුතු බවයි.

”හොඳ සනීපාරක්ෂාවක් පුරුදුවන්න, බළලුන් තම නිවසේම තබාගන්න. ඔබ ඔබේ සුරතල් සතුන් සමඟ අනවශ්‍ය සම්බන්ධතා ඇතිකර නොගන්න. ඔවුන් වැළඳගැනීමෙන් වළකින්න. එමෙන්ම ඔබේ මුහුණ ලෙව කෑමට ඉඩ නොතබන්න. කිසිම අවස්ථාවක නාදුනන සතුන්ට අත නොතබන්න. ඔවුන්ට සමීප නොවන්න.” යනුවෙන් හොංකොං හි වෛද්‍යවරයෙකු වන ඒන්ජල් අල්මේන්ඩ්‍රොස් පවසා තිබෙනවා.

කොරෝනා වයිරසයට ගොදුරු වූ බව තහවුරු කරගත් හොංකොං හි වයස අවුරුදු 17ක් වූ සුරතල් සුනඛයකුගේ සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු එසේ පවසා තිබුණා.

”නමුත් ඔවුන්ගේ සිරුරේ කොවිඩ්-19 වයිරසය තිබුණත් ඔවුන් අසනීප වන්නේ නැහැ. මීට පෙර 2003 වර්ෂයේ දී හොංකොං හි සාර්ස් රෝගය පැතිර යද්දී සුරතල් සතුන් ගණනාවක් ආසාදනය වී සිටි නමුත් කිසිම අවස්ථාවක අසනීප වුණේ නැහැ..”

මෙම රෝගය මිනිසුන්ගෙන් සතුන්ට සම්ප්‍රේෂණය විය හැකි ආකාරය සම්බන්දව පර්යේෂකයෝ මෙසේ පවසනවා.

“මිනිසුන්ගේ ශ්වසන බිඳිති මගින් බළලුන්ට ආසාදනයවීමට අවස්ථාවක් තිබෙන බව පෙනේ. මිනිසුන් කැස්ස, කිවිසුම් යාම හෝ හුස්ම ගැනීම වැනි ක්‍රියාවන් මගින් අවට පරිසරයට වයිරසය මුදා හැරේ. ඉන් අනතුරුව එය වෙනත් සතුන්ගේ සිරුරු වෙත ඇතුළුවීමට ඉඩ ඇත.”

බෙල්ජියමේ නිවසක සිටි බළලකු රෝග ලක්ෂණ පෙන්නුම් කර සතියකට පමණ පසු කොරෝනා වයිරස පරීක්ෂාවට යොමුකළ අතර ශරීරයේ වයිරසය ඇති බව තහවුරු කෙරුණා.

විද්‍යාඥයන් විසින් මේ සම්බන්ධයෙන් කරන ලද පරීක්ෂණයෙන් තවුරු වී ඇත්තේ බළලුන් මගින් වයිරසය තවත් බළලුන්ට සම්ප්‍රේෂණය කරන බවයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More