දේශීය පුවත්

මධ්‍යම  පළාත තුල COVID 19 වෛරස් රෝගය ව්‍යාප්තිය වැලැක්වීම සදහා ගතයුතු කඩිනම් ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යු ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් (8) ආණ්ඩුකාර කාර්යාලීය ශ්‍රවණාගාරයේදී සිදුවිය.

මෙහිදී පළාතක් වශයෙන් මෙම වසංගත තත්ත්වය හමුවේ උපක්‍රමශීලි ලෙස කටයුතු කළ යුතු ආකාරය පිළිබද කරුණු සාකච්ඡා වු අතර, වෙනත් පළාත් වලින් මධ්‍යම පළාතට පැමිණෙන පුද්ගලයින් සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමු කළ යුතුව පවතින බවත් ජනතාවට අත්‍යවශ්‍ය භාණ්ඩ සපයා දීම සම්බන්ධයෙන් විධිමත් ක්‍රියාමාර්ග කඩිනමින් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවයත් ආණ්ඩුකාරවරයා විසින් පෙන්වා දෙන ලදි.

මෙම විශේෂ සාකච්ඡාව සදහා  පළාත් ප්‍රධාන ලේකම් කුමුදුණී කරුණාරත්න, මහනුවර දිසාපති තිස්ස කරුණාරත්න, මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලේකම් කේ.ජී.උපාලි රණවක, මධ්‍යම පළාත් ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් ගාමිණී රාජරත්න, මධ්‍යම පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් බී.එච්.එන්.ජයවික්‍රම, මධ්‍යම පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පත් රොෂාන් ප්‍රනාන්දු, පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂ අර්ජුන තිලකරත්න ඇතුලු මහත්ම මහත්මීන් රැසක් ද එක් ව සිටි අතර, මෙහිදී ‍ පල්ලේකැලේ පිහිටි මාර්ස් ආයතනය මගින් වෛද්‍ය කට්ටල කිහිපයක් සෞඛ්‍ය අංශ සදහා  පිරිනැමීමක් ද සිදුවිය.

 

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More