ප‍්‍රධාන පුවත්

ලෝක සෞඛ්‍යය සංවිධානයේ විශාලතම දායකයා වන අමෙරිකා එක්සත් ජනපදය එම සංවිධානයේ සාමාජික රටවල් 194 ම COVID-19 වෛරසය ආසාදනය හේතුවෙන් බරපතල අර්බූදයකට මුහුණ දී සිටින මේ මොහොතේ සිය දායක මුදල් නොගෙවන බවට තර්ජනය කරන බව මාධ්‍යය වාර්තා පවසා සිටී.

අමෙරිකානු ජනාධිපතිවරයා විසින් දිනපතා COVID-19 වෛරසය පැතිරීමේ තත්වය  පිළිබඳව පවත්වනු ලබන ඊයේ දිනයට(07 ) අදාල මාධ්‍යය සාකච්ඡාවේදී ලෝක සෞඛ්‍යය සංවිධානයට දායක මුදල් බැරකිරීම  සම්බන්ධයෙන් ඉහත අදහස් දක්වනු ලැබීය.

එහිදී වැඩිදුරත් අදහස් දක්වමින් ජනාධිපතිවරයා පවසා සිටියේ ලෝක සෞඛ්‍යය  සංවිධානය වසංගතය පාලනය කිරීමේදී ඔහු විසින් නිර්මාණය කරනු ලැබූ “චීනය කේන්ද්‍ර වූ” නිර්වචනය යොදා ගැනීම ඉතාම මන්දගාමීව සිදුවන බවයි. “ලෝක සෞඛ්‍යය සංවිධානයට වැඩිම අරමුදල ලැබෙන්නේ අමෙරිකා එක්සත් ජනපදයෙනුයි. අපි ඔවුන්ට වැඩිම කොටස ගෙවනු ලබනවා.” යනුවෙන් පැවසීය. ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාගේ චෝදනාව වූයේ ලෝක සෞඛ්‍යය සංවිධානය COVID-19 වසංගතය පැතිරීම සම්බන්ධයෙන් ගන්නා සෑම උත්සාහයක්ම ඉලක්කය වැරදුනු ස්වභාවයක් පෙන්නුම් කරන බවයි.

ලෝක සෞඛ්‍යය සංවිධානය , වෛරසය වසංගතය මැඩලීම වෙනුවෙන් බරපතල පොරබැදීමක සිටින මේ අවස්ථාවේදී අමෙරිකාව තම දායක මුදල් එම සංවිධානයට නොගෙවීම සම්බන්ධයෙන් මාධ්‍යයවේදීන් ප්‍රශ්න කළ අවස්ථාවේදී මිනිත්තු කිහිපයකට පසු නැවත මාධ්‍යය සාකච්ඡාවට පැමිණ පවසා සිටියේ එම කරුණ ක්‍රියාවට නැංවීම සම්බන්ධයෙන් තම රජය හුදෙක් සලකා බලන බවයි.

ලෝක සෞඛ්‍යය සංවිධානය, COVID-19 වෛරසය ආසාදනය චීන රාජ්‍යය වෙලාගත් මොහොතේ සිටම අමෙරිකාවේ උදහසට ලක්වූ ආයතනය වූයේය. චීනයට එරෙහිව සංචරන තහනමක් පනවන මෙන් ලෝක සෞඛ්‍යය සංවිධානයට බලපෑම් කිරීමට අමෙරිකා එක්සත් ජනපදය දිගින් දිගටම කටයුතු කළ අතර එම සංවිධානය චීනයට නැඹුරුතාවයක් දක්වන බවට චෝදනා කළද එය ඔප්පු කිරීමට තරම් ප්‍රමාණවත් සාක්ෂිද අමෙරිකාව සතුව නොතිබිණි.

අමෙරිකා එක්සත් ජනපදය මේ වසරේදී ලෝක සෞඛ්‍යය සංවිධානයට වැඩිම අරමුදල් සැපයූ රට වූ අතර එය ඩොලර් මිලියන 57.8ක් විය. චීනය දෙවැනි විශාලතම අරමුදල් සම්පාදකයා වූ අතර එය ඩොලර් මිලියන 28.7කි.

ලෝක සෞඛ්‍යය සංවිධානය ලෝකය සෞඛ්‍යය අර්බූදයකට මුහුණ දී සිටින මේ මොහොතේදී ප්‍රමානවත් මැදිහත් වීමක් නොකරන බවට චෝදනාවට ලක් විය. මේ වසරේ පෙබරවාරි මාසයේ සිටම ලෝක සෞඛ්‍යය සංවිධානයේ අධ්‍යක්ෂක ආචාර්ය ටෙඩ්‍රොස් අද්නොම් ගෙබ්‍රෙයෙසුස් චීනයේ ප්‍රධාන භූමියෙන් පිටතට වෛරසය පැතිරීම අවම සහ මන්දගාමී මට්ටමේ වන බැවින් සංචරණ තහනමක් පැනවීමේ අවශ්‍යයතාවයක් පැන නොනගින බව කියා සිටියේය.නමුත් තත්වය වෙනස් වීම හමුවේ ලෝක සෞඛ්‍යය සංවිධානය වෛරසය පාලනය කිරීම පිණිස දැඩි ප්‍රහාරාත්මක තීන්දු තීරණ වලට එළඹිනි.

ජීවන්ත ජයතිස්ස
jeewanthaj@gmail.com

මූලාශ්‍රය – www.rt.com



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More