දේශීය පුවත්

මෙම වසරේ සිංහල හා හින්දු අලුත් අවුරුදු රාජ්‍ය නැකත් කමිටුව විසින් ශ්‍රී ලංකාවේ ප්‍රදේශවලට නොවෙනස්ව භාවිතා කළ හැකි පරිදි සිංහල අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර සකස් කර තිබේ.

බුද්ධ ශාසන සංස්කෘතික හා ආගමික කටයුතු අමාත්‍යාං‍ශයේ ලේකම් එම්.කේ.බන්දුල ‍හරිස්චන්ද්‍ර මහතා විසින් මෙම නිවේදනය නිකුක් කර තිබේ.

ඒ අනුව දිවයින තුළ පවත්නා වත්මන් පීඩාකාරී තත්ත්වය හේතුවෙන් අලුත් අවුරුදු චාරිත්‍ර සිදු කිරීම සම්බන්ධයෙන් ජනතාව වැඩි අවධානයක් යොමු කළ යුතු බවද ‍එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.

ඒ අනුව නිවසේ සාමාජිකයින් සමඟ පමණක් නැකැත් චාරිත්‍ර සිදු කිරීමට සහ සරල ආහාර ද්‍රව්‍ය සකස් කර ගෙන චාරිත්‍ර ඉටු කිරීමටත් නිවසේ සිටම ආගමානුකූල කාර්යයන් ඉටු කරන ලෙසත් රජය දන්වා සිටියි.

කොරෝනා වෛරසය ලෝක‍යම වෙලා ගෙන තිබෙන තත්ත්වයක් තුළ ශ්‍රී ලංකාවට සහ ලක්වාසී සෑම සියලු දෙනාට පීඩාවක් නොවන පරිදි සහ මෙම වෛරසය ව්‍යාප්ත නොවන පරිදි මෙම අවස්ථාවේ දී ක්‍රිය කිරීම අපගේ වගකීමක් බව ද අමාත්‍යාංශය සඳහන් කරයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More