දේශීය පුවත්

වසංගත පාලන උපාය මාර්ගය තුල පමරීක්ෂණ ක්‍රමවේදය පිළිබඳව උපදෙස් සහිත ලේඛනය අද දින (08) ප්‍රකාශයට පත්කරන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වරයා විසින් මාධ්‍යයට දැනුම් දෙනු ලැබීම සතුටට කරුණකි. එහෙත් සමාජයේ සිටින රෝගය පැතිරවිය හැකි සැක කටයුතු සියළු පිරිස් සහ නිරෝධායනයට ලක් වන පිරිස් PCR ක්‍රමවේදය හරහා ස්කෑන් පරීක්ෂණවලට ලක් කළ යුතු බවට ප්‍රභල මතයක් ඉදිරිපත් වූයේ අදට දින 10කට පෙරය.

එහිදී මූලිකව ඉදිරිපත් වූ යෝජනාව වූයේ දැනට රටේ තිබෙන PCR  යන්ත්‍ර උපරිම ධාරිතාවෙන් භාවිතා කොට 40,000 කට අධික සියළු සැක කටයුතු රෝගීන් ස්ක්‍රීනින් පරීක්ෂණයට ලක් කළ යුතු බවය. එසේම පුද්ගලික අංශයට ස්වාධීනව පරීක්ෂණ කිරීමට ඉඩ නොදී එම පරීක්ෂණාගාර රජයේ අධීක්ෂණය යටතේ සමස්ථ ජාතික වැඩ පිළිවෙලට යොදා ගත යුතු බවය.

යොදා ගන්නා හදිසි පරීක්ෂණයක් ගැන කථා කරමින් PCR  උපරිමයෙන් යොදා නොගැනීමේ වරද වසා ගැනීමට උත්සහා කරන බව පෙනේ. PCR වෙනුවට එම රුධිර පරීක්ෂණ යොදා ගන්නා ලෙස කිසිඳු විද්වතකු ඉල්ලා නැත. PCR වෙනුවට විකල්පයක් ලෙස ඊට සමාන හදිසි පරීක්ෂණයක් ඇමරිකාවේ යොදා ගත්තද ඒ පිළිබඳව ශ්‍රී ලංකාවේ සාකච්ඡාවක් නැති වීමද කණගාටුදායක තත්වයකි.

කෙසේ වෙතත් බ්‍රිතාන්‍යයේ යොදා ගන්නා ආකාරයට පසු විපරම සඳහා අවශ්‍යවන රුධිර පරික්ෂාව යොදා ගැනීමේ හැකියාව ඇත. උදාහරණයක් ලෙස දින 14 අවසන් කළ නිරෝධායනයට ලක් වූ 3500 නැවත පරීක්ෂණ සඳහා එම ක්‍රමය යොදා ගත හැක.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More