විදේශ පුවත්

 

ඉරානය COVID19 වෛරසය හඳුනා ගැනීමට කෘතිම බුද්ධියකින් සමන්විත නව මෘදුකාංගයක් එළිදක්වා තිබේ. ඉරාන විශ්වවිද්‍යාල වල එකතුවක් විසින් මාසයක් වැනි කෙටි කාලයක් තුලදී මෙම මෘදුකාංගය සංවර්ධනය කිරීමට සමත් වී ඇත. මෙහිදී කෘතිම බුද්ධියක් මගින් ආසාදිත පෙනහළුවල CT (Computer Tomography) ස්කෑන් විශ්ලේෂණය කරන අතර එය ක්ෂණිකව ප්‍රතිඵල ලබා දීම ද සිදු කරයි.

දැනට ලොව පුරා COVID19 වෛරසය හඳුනා ගැනීමට PCR (Polymerase Chain Reaction) පරීක්ෂාව යොදා ගන්නා අතර එහිදී වෛරසයේ ජාන හදුනා ගැනීම මගින් රෝගය සනාථ කරයි. ඉරාන විද්‍යාඥයින්ගේ නව පරීක්ෂණ මෘදුකාංගය මගින් රෝග නිශ්චය සිදුකරන්නේ රෝගීන්ගේ පෙනහළු වල අසාමාන්‍යතා හඳුනා ගැනීම මගින් වීම විශේෂත්වයකි.

එක්සත් ජනපදය ඉරානයට යොදා ඇති සම්බාධක හේතුවෙන් වෛද්‍ය පරීක්ෂණ උපකරණ ලබා ගැනීමට බාධා එල්ලවීම නිසා රට තුළම පරීක්ෂණ කිරීමට උපකරණයක් නිපද වීමේ අවශ්‍යතාවය මත ඔවුන් මෙම මුදුකාංගය නිපදවීමට පෙළඹී තිබේ. කෙසේ නමුත් අධ්‍යයන කටයුතුවලින් CT ස්කෑන් ක්‍රමය PCR ක්‍රමයට වඩා විශ්වාසදායක බව හෙළි වී ඇත.

මූලාශ්‍ර  – www.rt.com



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More