දේශීය පුවත්

කොවිඞ් 19 හෙවත් නව කොරෝනා වෛරසය මර්දනය කිරීම සඳහා බටහිර වෛද්‍ය ක‍්‍රමයට අමතරව දේශීය වෙදකම භාවිතා කිරීමට රජය තීරණය කර ඇතත් නිරෝධායන පනත යටතේ ඒ සඳහා අනුමැතිය මෙතෙක් හිමිවී නොමැති බව  වාර්තා වේ. කොවිඞ් 19 ආසාදිතයන්ට ප‍්‍රතිකාර කරනු ලබන්නේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල් බලධාරියා වන නිරෝධායන පනත යටතේ බැවින් එවැනි රෝගීන්ට දේශීය වෛද්‍ය ක‍්‍රම යටතේ ප‍්‍රතිකාර කිරීමට නම් ඔහු ගේ අනුමැතිය අවශ්‍ය වේ.

එනමුත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ අනුමැතිය ඒ සඳහා මෙතෙක් හිමි ව නොමැති අතර එය ඉදිරියේ දී ලබා දීමට නියමිත බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

එම අවසරය හිමි වූ පසු දේශීය වෛද්‍ය ක‍්‍රමය යටතේ කොවිඞ් 19 මර්දනය සඳහා ප‍්‍රතිකාර කිරීමට නියමිතය.ඒ අනුව කොරෝනා රෝගය මර්දනය කිරීම සඳහා දේශීය වෙදකම පිළිබඳව ජාතික කමිටුවක් පත් කර ඇති අතර එම කමිටුවේ යෝජනා සහ අදහස් අනුව රජය ඉදිරි තීරණ ගැනීමට නියමිතය.

කෝවිඞ් 19 පැතිරීම වැළැක්වීම සඳහා වූ ජාතික ක‍්‍රියාන්විත මධ්‍යස්ථානයේ මෙහෙයුම් ප‍්‍රධානී, ආරක්ෂක මාණ්ඩලික ප‍්‍රධානී සහ යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතාගේ ප‍්‍රධානත්වයෙන් මේ සඳහා වන සාකච්ඡාවක් පසුගිය දා එම මෙහෙයුම් මධ්‍යස්ථානයේ පැවති අතර ඒ සඳහා ආයුර්වේද වෛද්‍යවරුන්, දේශීය වෛද්‍යවරුන්, හෝමියෝපති වෛද්‍යවරුන් ඇතුළු පනස් දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් එක්ව සිටියහ.

මෙහිදී, දේශීය වෛද්‍ය ක‍්‍රම භාවිතා කිරීම සඳහා වන අනුමැතිය කඩිනමින් ලබා ලබාදීම අවශ්‍ය කටයුතු සම්පාදනය කරන බව යුද හමුදාපතිවරයා කොරෝනා රෝග මර්දනය කිරීම සඳහා පත් කළ දේශීය වෙදකම පිළිබඳ ජාතික කමිටුවට සහතිකයක් දී ඇත.

මේ සම්බන්ධයෙන් කොරෝනා රෝග මර්දනය කිරීම සඳහා පත් කළ දේශීය වෙදකම පිළිබඳ ජාතික කමිටුවේ සාමාජික, ආයුර්වේද කොමසාරිස් චතුර කුමාරතුංග  මහතා සඳහන් කළේ ජනතාවගේ ප‍්‍රතිශක්තිකරණය වර්ධනය කිරීම ඒ සඳහා දේශීය ඖෂධ ලබා දීමට කමිටුව තීරණය කර ඇති බවයි.

එහි දී හීන් අරත්ත අල, වියළි ඉඟු‍රු,කොත්තමල්ලි, පාවට්ටා කොළ සහ මදුරුතලා මුල් සම ප‍්‍රමාණයට ගෙන තම්බා පානයක් ලෙස සකසා ලෙඩක් නොමැති සාමාන්‍ය ජනතාවගේ ප‍්‍රතිශක්තිකරණය වර්ධනය කර ගැනීම සඳහා භාවිතා කළ හැකි බවත් හෙතෙම කීවේය.

එසේම තේ වෙනුවට ඉරමුසු, රණවරා,පත්පාඩගම්, ඉඟු‍රු, කොත්තමල්ලි භාවිතා කළ හැකි බවත් උදෑසන ආහාර පිණිස කොළ කැඳ සකසා ගැනීම යෝග්‍ය බවත් හෙතෙම පැවසී ය.

ව්‍යාංජන සඳහා පොළොස්, කොහිල අල, කෙසෙල්මුව,එල තිබ්බටු, එල බටු, බතල, වට්ටක්කා වැනි දේශීය ආහාර ද්‍රව්‍ය ඉතා යෝග්‍ය බවත් ආයුර්වේද කොමසාරිස් චතුර කුමාරතුංග මහතා කීවේය.

කොරෝනා වෛරසය ආසාදිත වූවන් සඳහා ද දේශීය වෛද්‍ය ක‍්‍රමය යටතේ ප‍්‍රතිකාර කළ හැකි බවත් එය රෝගියාගෙන් රෝගියාට ඔහුගේ ප‍්‍රකෘතිතාවය අනුව වෙනස් වන බැවින් බෙහෙත් වට්ටෝරු පිළිබඳව සඳහන් කිරීම උචිත නොමැති බවත් කුමාරතුංග මහතා වැඩිදුරටත් සඳහන් කළේ ය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More