දේශීය පුවත්

කොවිඩ් 19 වෛරසයේ දෙවැනි නැගිටීමක් ඉදිරි සති දෙක තුළ අපේක්ෂා කළ හැකි බැවින් දැඩි පාලනයකට යා යුතු බව විශේෂඥ වෛද්‍ය විද්‍යාලවල සභාපතිවරුන් සෞඛ්‍ය අමාත්‍යංශයට කරුණු පෙන්වා දී තිබේ.

අපේ‍්‍රල් අවසන් සතිය දක්වා මෙරටින් වාර්තා වන කොවිඩ් නයින්ටීන් හෙවත් නව කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව ක‍්‍රමිකව වැඩිවීමක් අපේක්‍ෂා කරන බව වෛද්‍යවරු පෙන්වා දෙයි.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසන්නේ සිදුකර ඇති ප‍්‍රක්‍ෂේපනයන් අනුව ශී‍්‍ර ලංකාව තුළ උපරිම රෝගී සංඛ්‍යාවක් වර්ධනයවීම පළමු රෝගියා හමුවී දින 48 ක කාලයක් දක්වා විය හැකි බවයි.

ශ්‍රී ලංකාව තුළ පවතින කොරෝනා රෝගී තත්ත්වය ජුනි මාසය දක්වා දීර්ඝ විය හැකි යැයි වසංගත රෝග විද්‍යා ඒකකය ප‍්‍රකාශ කර ඇත.

හදුනා ගෙන ඇති රෝගීන් සමග සබදතා පැවැත්වූ 42,000 කට ආසන්න පිරිසක් මේ වනවිට දිවයින පුරා හදුනා ගෙන ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සදහන් කළේය.

සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයාගේ ප‍්‍රකාශයන්ට අනුව මෙරට සෞඛ්‍ය පද්ධතියට දරාගත හැකි උපරිම රෝගීන් ගණන 2,000 කට ආසන්නයි. එබැවින් මේ මොහොතේ උග‍්‍ර ප‍්‍රතිචාර නොදැක්වුවහොත් උපරිම සීමාවේදී රෝගීන් 2,500 ක් පමණ වාර්තාවීමට ඉඩකඩ පවති බව වාර්තා වේ.

එවැනි අවස්ථාවකදී සෞඛ්‍ය පද්ධතිය කඩාවැටීමකට ඇති ඉඩකඩ බැහැර කළ නොහැකි බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පෙන්වා දෙයි.

ශී‍්‍ර ලංකාව වත්මන් රෝග ව්‍යාප්තිය 3 ඒ මට්ටම, එනම් නිවාස ආශි‍්‍රත කුඩා රෝගීන් පොකුරු සිටින තත්ත්වයේ පවතී. කෙසේවෙතත් පවතින දත්ත විශ්ලේෂණය කිරීමේදී රෝග ව්‍යාප්තිියේ ඊළග මට්ටම වන 3 බී, එනම් ගම තුළ රෝගීන් පොකුරු වාර්තාවීම දක්වා ක‍්‍රමයෙන් ළගාවෙමින් ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පැවසී ය.

නිසි පියවර නොගතහොත් ඉදිරි සති දෙකෙන් ඔබ්බට රේග ව්‍යාප්තියේ අවසන් මට්ටම වන 4, එනම් සමාජය තුළ රෝග ව්‍යාප්තිය දක්වා යා හැකි බව එම සංගමය අනතුරු අඟවයි.

මේ අතර කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වීම හේතුවෙන් මෙරටදී සිදු වූ හය වැනි මරණය ඊයේ උදෑසන අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතන රෝහලෙන් වාර්තා විය.

දෙහිවල අරුණාලෝක මාවතේ පදිංචි කරුවෙකුව සිටි වයස අවුරුදු 80 ක පුද්ගලයෙකු මෙලෙස මියගියේය.

මාර්තු 27 වනදා කළුබෝවිල රොහලට ඇතුළත් කෙරුණු ඔහු මාර්තු 30 වනදා කොවිඩ් නයින්ටීන් වෛරසය අසාදිතයකු බවට හදුනා ගැනිමෙන් අනතුරුව අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතන ඇතුලත් කරනු ලැබුවේය.

මෙලෙස මියගිය පුද්ගලයාගේ දියණියගේ සැමියා සංචාරක මගපෙන්වන්නෙක් වන අතර ඔහු ඇතුලු මියගිය පුද්ගලයාගේ බිරිඳ සහ මුණුබුරාද මෙවන විට කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වීම හේතුවෙන් අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතන රෝහලේ ප්‍රතිකාර ගනු ලබයි.

ඔහුගේ දේහයේ ආදාහන කටයුතු ජාත්‍යන්තර නිරෝධායන පනතේ රෙගුලාසි වලට අනුකූලව කොටිකාවත්ත පොදු සුසාන භූමියේදී සිදුකෙරුණි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More