දේශීය පුවත්

වෛරසය ආසාදනය වීම සීමා කර ගැනීම සඳහා ඖෂධීය ශාක පත්‍ර යොදාගෙන දුම් ඇල්ලීම පිළිබඳව කොවිඩ් 19 සඳහා වන පර්යේෂණ කණ්ඩායම ඒකමතිකව තීරණයක් ගෙන ඇති බව එහි ප්‍රධානී විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා පවසයි.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මෙසේ ද පැවසීය.

“වෙනිවැල් ගැට හා කොත්තමල්ලි ගැන විද්‍යා තාක්ෂණ අමාත්‍යාංශය කරන ලද පරීක්ෂණ දැන ගන්න ලැබුණා. බැක්ටීරියා ආසාදනය සඳහා කොත්තමල්ලිවල ඇති වටිනාකමත් වෛරස් ආසාදනයන් සඳහා වෙනිවැල්ගැටවල තියෙන ප්‍රයෝජනයත් පැහැදිලිව සඳහන් වෙලා තියෙනවා. කොවිඩ් 19 සඳහා පර්යේෂණ කණ්ඩායමක් පත් කරලා තියෙනවා..එහි ප්‍රධානත්වය දරන්නේ මම. එම කමිටුව ඒකමතිකව තීරණය කළා දුම් ඇල්ලීමේ ඇති වැදගත්කම පිළිබඳ.“

“චීනේ අය උණුවතුර බීමත් දුම් ඇල්ලීමත් විවිධ ක්‍රමවලට පාවිච්චි කරනවා අපි දකිනවා. ඒ නිසා එහි වටිනාකම තහවුරු කරන්න අපි දැනට පර්යේෂණ ගණනාවක් ආරම්භ කරලා තියෙනවා. එතෙක් පර්යේෂණ කණ්ඩායමක් ලෙස ඒකමිතිකව තීරණය කළා ඖෂධීය කොළ වර්ග යොදා නිවසේ සිට සිදු කරන දුම් ඇල්ලීම. එහිදී ඇස් ආරක්ෂා කරගෙන ඉරියව්ව පවත්වා ගැනීම ඉතාම වැදගත්.” යැයි වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා වැඩිදුරටත් පැවසී ය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More