දේශීය පුවත්

ලංකා ලීඩ් පර්යේෂණ ඒකකය මේ වන විට කොරෝනා වසංගත පාලනයට අදාළව ලෝකය පුරා ප්‍රකාශයට පත්වන මතවාද සහ ඒ ආශ්‍රිත සාක්ෂි ගැඹුරින් අධ්‍යනය කරමින් සිටියි. එම දැනුම අනුව කොරෝනා පරීක්ෂණ ගැන වෛද්‍ය පර්යේෂණායතනයේ අධ්‍යක්ෂකවරයාගේ මතය පවතින සාක්ෂි වලට අනුකූල නොවන බව පෙනේ.

ඔහු තම පුද්ගලික මතයක් ලෙස ප්‍රකාශයට පත් කරන්නේ හදිසි පරීක්ෂණයක් වන රුධිර ප්‍රතිදේශ පරීක්ෂණයේ ප්‍රතිඵල නිශේධාත්මක වන අවස්ථාවල රෝගියා ව්‍යාජ ආරක්ෂාකාරී මතයක් ඇති කර ගත හැකි බැවින් එම පරීක්ෂණ භාවිත නොකළ යුතු බවය. කෙසේ වෙතත් කිසිඳු විද්වතකු විසින් PCR පරීක්ෂණයට විකල්පයක් ලෙස රුධිර ප්‍රතිදේහ පරීක්ෂණ සිදු කළ යුතු බවක් කියා නැත.

ජාතික සංවිධාන සහ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ආදිය ඉල්ලා සිටින්නේ PCR පරීක්ෂණ උපරිම ධාරතාවට සිදු කොට දිනකට පරීක්ෂණ 5000 සිට 1000 ප්‍රමාණයක් සිදු කළ යුතු බවය. නමුත් යන්ත්‍ර 10 ක් තිබෙන වෛද්‍ය පර්යේෂණ ආයතනයේ දිනකට කරනු ලබන්නේ පරීක්ෂණ 200 පමණ ප්‍රමාණයකි.

එම ආයතනයේ ධාරිතාව අනුව දිනකට පරීක්ෂණ 3000 ක් සිදු කිරීමේ හැකියාව ඇත. පළමුව කථා කළ යුත්තේ PCR ධාරිතාව උපරිමයෙන් යොදා ගෙන සමාජයේ ස්ක්‍රීන් පරීක්ෂණ වැඩි වශයෙන් කිරීමේ උපායමාර්ගික වැදගත්කම පිළිබඳවය.

නව හදිසි පරීක්ෂණ අවශ්‍ය වන්නේ අමතර හෝ ද්විතික පරීක්ෂණ ලෙසය. උදාහරණයක් ලෙස එම පරීක්ෂණ නිශේධාත්මක වන විට දින 7 කින් නැවත පරීක්ෂණය කළ යුතුය. පළමු පරීක්ෂණයේ ප්‍රතිඵල දෙවන පරීක්ෂණයකින් තහවුරු කළ යුතු බව රෝගියාට අවධාරණය කළ විට ඔහුගේ අවනතභාවය ලබා ගැනීම පහසු වේ. කිසිඳු පරීක්ෂණයක් නොකරන විට සැක කටයුතු පිරිස් සමාජයේ රෝගය බෝ කරමින් සැරි සැරීමට වළකිනවාද?



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More