විදේශ පුවත්

ඉන්දියාවේ නවදිල්ලි නුවර පිහිටි තබ්ලිග් ජමාද් නම් ඉස්ලාමික ආගමික නිකායේ මූලස්ථානය ලෙස සැලකෙන නිසමුදින් පල්ලියේ ආගමික දේව මෙහෙයට සහභාගි වූ පිරිසෙන් 650 දෙනෙකු  COVID-19 වෛරසය ආසාදනය වී ඇතැයි හඳුනාගැනීමෙන් පසුව ඉන්දියානු බලධාරින් නිසමුදීන් පල්ලියේ දේව මෙහෙයන්ට සහභාගි වූවන් නිෂ්චිතව හඳුනා ගනිමින් නිරෝධායනයට ලක් කරන ලදී.මේ අතර ඉන්දියානු මාධ්‍යය වාර්තා කර තිබුනේ නිසම්මුදීන් පල්ලියේ දේව මෙහෙයන්ට සහභාගි වූ පිරිස අතර බංගලාදේශයෙන් පැමිණි පුද්ගලයන් 19 දෙනෙකු සිටි බවයි.

තවද ඉන්දියාව බංගලාදේශ ජාතිකයන් 9 දෙනෙකුට එරෙහිව එරට නිරෝධායන නීතිය යටතේ නඩු පැවරීමටද කටයුතු කළේය. ඉන්දියානු කලාපයේ  COVID-19 වෛරසය පැතිරීම සම්බන්ධයෙන් අවධානයෙන් සිටින බංගලාදේශය තබ්ලිග් ජමාත් නිකායේ සාමාජිකයන්ගේ හැසිරීම සම්බන්ධව කරනු ලැබූ නිරීක්ෂණ වල ප්‍රතිඵලයක් ලෙස එරට ඩකා නගරයේ තබ්ලිග් ජමාද් ආගමික මධ්‍යස්ථාන දෙකක රැස්ව සිටි විදෙස් ජාතිකයන් 321 දෙනෙකු හඳුනා ගැනීමට කටයුතු කළේය.

ඔවුන්ගෙන් 191 දෙනෙකු බංගලාදේශයේ තබ්ලිග් ජමාද්වරුන්ගේ මූලස්ථානය ලෙස සැලකෙන  කක්‍රේල් ජම්-එ- මස්ජීදය තුළ රඳවා නිරෝධායනය කිරීමට කටයුතු කර ඇත. ඔවුහු ඉන්දියාවේ දිල්ලි නුවර නිසමුදින් පල්ලිය මූලස්ථානය කරගත් තබ්ලිග් ජමාද් ඉස්ලාම් නිකායේ නායක සාද් කන්දාල්වි ගේ අනුගාමිකයෝ වීමද විශේෂත්වයකි.

ඉන්දියාව නවදිල්ලි නුවර නිසමුදීන් පල්ලියේ දේව මෙහෙයන්ට සහභාගි වූ 2000ක පිරිසක් සහ ඔවුන් සමඟ සමීප සබඳතා පැවැත්වූ 7000ක පිරිසක් නිරෝධායනයට ලක් කිරීමට කටයුතු කරනු ලැබීය.

මේ අතර මැලේසියාවද තබ්ලිග් ජමාද් ඉස්ලාම් නිකායේ සාමාජිකයෝ COVID-19 වෛරසය මැලේසියාවේ පැතිරවීමේ කටයුතු වල සහභාගි වී සිටින බවට හඳුනා ගත් අතර ඉන්දුනීසියාව මේ වන විට තබ්ලිග් ජමාද් සංවිධානයේ පිරිස් රැස් කර කරනු ලබන ආගමික  කටයුතු නවතා දැමීමට කටයුතු කර ඇත.

ජීවන්ත ජයතිස්ස
[email protected]

මූලාශ්‍ර – nenow.in/health



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

UNP එකෙන් අයින් කළ 99 දෙනා මෙන්න

එක්සත් ජාතික පක්ෂයට එරෙහිව සමගි ජන බලවේගය යටතේ මහා මැතිවරණයට නාම යෝජනා ලබා දුන් හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍ර...


Read More

මැතිවරණ කොමිසමේ නිලධාරීන්ට එන්.ජී.ඕ සත්කාර – නිලධාරීන්ගෙන්ම විවේචන

පසුගිය 27 සහ 28 දින වල බේරුවල ප්‍රදේශයේ හෝටලයකදී මැතිවරණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස්වරුන්ට සහ කොමිසමේ නිලධාරීන්ට එන්...


Read More

වී වගාවට සහ සහල් කර්මාන්තයට වින කටින්නේ සහල් මාෆියාවක්ද නැතහොත් තිරිඟු පිටි මාෆියාවද?

වි වගාව සහ සහල් කර්මාන්තය විනාශ කිරීම සඳහා දීර්ඝ කාලයක් තිස්සේ ක්‍රියාත්මක වූ ක්‍රියාවලිය රටේ ආහාර සුරක්ෂිතතාවය අනතුරට ලක් ...


Read More