විදේශ පුවත්

COVID-19 වෛරසය ආසාදනය හේතුවෙන් ස්වයං නිරෝධායනට ලක්ව සිටි බ්‍රිතාන්‍යය අගමැති බොරිස් ජොන්සන් මහතා රෝහල් ගත කළ බව විදෙස් මාධ්‍යය පවසා සිටී. COVID-19 වෛරසය ආසාදනය හේතුවෙන්  නිරෝධායනයට ලක්ව සිටි ඒ මහතාගේ නිරෝධායන කටයුතු අවසන් වීමට නියමිතව තිබුනේ පසුගිය තුන් වනදා වූ අතර ඒ සම්බන්ධයෙන් ප්‍රකාශයක් නිකුත් කළ බ්‍රිතාන්‍යය සෞඛ්‍යය ඇමතිවරයා පවසා සිටියේ “අගමැතිවරයාගේ සෞඛ්‍යය තත්වය පිළිබඳව මාහට කිසිවක් මේ මොහොතේදී කිව නොහැකියි. නමුත් එතුමා මේ දක්වා  රට මුහුණ දී තිබෙන ව්‍යසනයට මුහුණ දෙන්නේ කෙසේදැයි යන්න සම්බන්ධයෙන් මා සමඟ දිනපතාම සාකච්ඡා කරමින් සිටිනවා.එතුමා ස්වයං නිරෝධායනයෙන් ඉවත්වන දිනය සම්බන්ධයෙන් මාහට අදහසක් කිව නොහැකියි.” යනුවෙනි.

කෙසේ වුවද අගමැතිවරයාගේ වෛද්‍යයවරුන්ගේ නිර්දේශ මත එතුමා තවදුරටත් පරීක්ෂණ කටයුතු කිරීම පිණිස රෝහල් ගතවූ බව පැවසේ. මේ අතර රුසියානු මාධ්‍යය වාර්තා කර සිටියේ එතුමා හට රෝහල් කාර්ය මණ්ඩලය විසින් කෘත්‍රීම ස්වසන ආදාර පවා සවිකර ඇති බවයි.

බ්‍රිතාන්‍යයේ ඔටුන්න හිමි චාල්ස් කුමරුද COVID-19 වෛරසය ආසාදනයට ලක්වූ අතර එතුමා ආයුර්වේද ප්‍රතිකාර ක්‍රම වලට යොමු වී ඇති බව නිළ නොවන වාර්තා පවසා සිටී.කෙසේ වුවද චාල්ස් කුමරු සුව අතට හැරුණු බව බ්‍රිතාන්‍යය මාධ්‍යය වාර්තා කර සිටියෝය.

ජීවන්ත ජයතිස්ස
jeewanthaj@gmail.com
මූලාශ්‍ර – www.rt.com


Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More