විදේශ පුවත්

 

හොංකොං විශ්ව විද්‍යාලයේ විද්‍යාඥයන් පිරිසක් සිදු කරන ලද සොයා ගැනීමකට අනුව COVID19 වෛරසයට නව ප්‍රතිකාර ක්‍රමයක් සොයාගෙන ඇත.

මෙහිදී දැනටමත් රෝගී වූ පුද්ගලයකු තුළ වෛරසයට එරෙහිව නිපදවන ප්‍රතිදේහ යොදා ගන්නා අතර, එම ප්‍රතිදේහ රුධිර පාරවිලයනයක් ආධාරයෙන් තවත් පුද්ගලයෙකුට ප්‍රතිකාර කිරීමට යොදාගත හැකි බව ඔවුන් පෙන්වා දෙයි.

චීන ක්ෂුද්‍රජීවී විද්‍යාඥයින් විසින් මිනිස් සිරුරේ ප්‍රෝටීන් ව්‍යූහයට ඉතා ආසන්න ව්‍යූහයක් ඇති හැම්ස්ටර් ගණයේ සතුන් යොදාගෙන කරන ලද පරීක්ෂණයකට අනුව මෙය අනාවරණය කරගෙන ඇත.

වෛරසය ආසාදන වූ පළමු සතිය තුළ සතුන්ට පෙනහලු, ස්වසන මාර්ගය, ප්‍රතිශක්තිකරණ පද්ධතිය, බඩවැල් ආශ්‍රිත හානි වීම් වලට අදාල දරුණු රෝග ලක්ෂණ පෙන්නුම් කළ අතර පසුව ක්‍රමයෙන් යථා තත්ත්වයට පත්වීමේදී ඔවුන්ගේ රුධිරයේ ප්‍රතිදේහ දර්ශනය විය. එම ප්‍රතිදේහ නිරෝගී දෙවන සතුන් කොටසකට පාරවිලයනය කර පසුව ඔවුන්ට COVID19 වෛරසය ශරීරගත කරන ලදී. පළමු කණ්ඩායම හා දෙවැනි කණ්ඩායම අතර සාපේක්ෂව බලන කල වෛරසය මගින් සිදුකළ හානිය දෙවන කණ්ඩායමේ දස ගුණයක අඩුවීමක් දක්නට ලැබුණි.

මෙම සොයාගත් කරුණු උපයෝගී කරගෙන පර්යේෂණයේ ඉදිරි කටයුතු සියල්ල අවසාන වීමෙන් පසු COVID19 මර්දනය කිරීමට මෙය යොදා ගැනීමට විද්‍යාඥයන් පිරිස බලාපොරොත්තු වේ.

මූලාශ්‍ර – health.mail.ru

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More