ව්‍යාපාරික පුවත්

වසර 150කට වැඩි කාලයක් තිස්සේ ලොව ජනප්‍රියම තේ නිපදවන Ceylon Tea මේ සතියේ කොළඹ තේ වෙන්දේසියේදී ඉහලම ඉල්ලුමට පැමිණ තිබේ.

COVID19 වසංගතය සමග රට පුරා ඇති දැඩි සෞඛ්‍යය පූර්ව උපායන්ට අනුකූල වෙමින් මෙවර තේ වෙන්දේසිය අන්තර්ජාලය ඔස්සේ ඊ-වෙන්දේසියක් ආකාරයෙන් ඉතා සාර්ථකව පැවතුන අතර, Ceylon Black Tea සඳහා මෙවර ඉතිහාසයේ මෙතෙක් වාර්තා වූ ඉහළම අගය හිමිකර ගැනීමට හැකිවීම විශේෂත්වයකි.

ශ්‍රී ලංකා තේ පර්යේෂණ ආයතනය සිදුකර ඇති අධ්‍යනයකට අනුව Black Tea හි Theaflavins නම් ප්‍රතිඔක්සිකාරකය අඩංගු වන අතර එමඟින් මිනිස් සිරුර තුළ වෛරස පාලනය හා ශරීරයෙන් ඉවත් කිරීම සිදුකල හැකි බව පෙන්වා දී ඇත. මීට අමතරව තායිවානය සිදුකරන ලද පර්යේෂණයකින් ද Black Tea වල අඩංගු සංයෝග මගින් SARS-CoV-2 ව්‍යූහයට බලපෑමක් එල්ල කර හැකි බව සොයාගෙන ඇත. ශ්වසන රෝග සමනය කිරීම, පෙනහලු වාතයට විවෘත කර හුස්ම ගැනීමට පහසු කිරීම සහ ශරීරයේ ප්‍රතිශක්තීකරණ ධාරිතාව වැඩි කිරීම සඳහා Black Tea වල අඩංගු සංයෝග උදවු වන බව කියවේ.

Black Tea යනු වෛද්‍ය විද්‍යාත්මකව ඔප්පු කරන ලද රෝග නිවාරණයක් හෝ COVID19 ට එරෙහි ප්‍රතිකාරයක් නොවන බව සැලකිල්ලට ගත යුතු නමුත් වැඩිදුර පර්යේෂණ කිරීම වටී.

මෙම වසංගත කාලය අතර ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ මෙම වාර්තාගත ජයග්‍රහණය පැසසුමට ලක් විය යුතු අතර එය ශ්‍රී ලංකා තේ කර්මාන්තයේ ඉදිරි මාවත උදෙසා සුබ ලකුණකි.



One thought on “මෙවර කොළඹ තේ වෙන්දේසියේදී Ceylon Black Tea වාර්තාගත අගයකට”

  1. When was the last Colombo tea action. According to Chamber, it wasn’t in last week

Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More