විදේශ පුවත්

කොවිඩ් 19 වෛරසයෙන් මියගිය පුද්ගලයන්ට චීනයේ වූහාන් නගරයේ වැසියන් පුෂ්පෝපහාර පුදකර තිබේ.

කොවිඩ් 19 වෛරසයේ තිඹිරිගෙය වන්නේ චීනයේ හුබෙයි පළාතේ පිහිටි වූහාන් නරගයයි.

කෙටි කලක් තුළ ලොව පුරා ව්‍යාප්තවූ එම වෛරසයෙන් මේ වන විට 64,000කට අධික පිරිසක් මියගොස් තිබේ.

කෙසේ නමුත් වූහාන් නගරයද ඇතුළුව චීනය මේ වන විට වෛරසය පැතිරීම පාලනය කිරීමට සමත්වී සිටියි.

මේ අතර වෛරසයෙන් මියගිය පුද්ගලයන්ට වූහාන් වැසියන් පසුගියදා පුෂ්පෝපහාර පුදකළේය.

වෛරසය ආසාදනයවීමෙන් මියගිය සෞඛ්‍ය සේවකයන්ද එහිදී සිහිපත් කර තිබුණි.

කොවිඩ් 19 වෛරසයෙන් මියගිය පුද්ගලයන් සිහිපත් කෙරුණු ඊයේ පෙරවරු 10ට වූහාන් නගරයේ සියළුම මාර්ග සංඥා පුවරුවල රතු පැහැති එළි දල්වා තිබූ බවත් විදෙස් වාර්තාවල සඳහන්ය.

එමෙන්ම දුම්රිය, නාවික යාත්‍රා ඇතුළු සියළුම රථවාහනවල නලා නාද කරමින්  මියගිය පුද්ගලයන් සිහිපත්කොට තිබුණි.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

UNP එකෙන් අයින් කළ 99 දෙනා මෙන්න

එක්සත් ජාතික පක්ෂයට එරෙහිව සමගි ජන බලවේගය යටතේ මහා මැතිවරණයට නාම යෝජනා ලබා දුන් හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍ර...


Read More

මැතිවරණ කොමිසමේ නිලධාරීන්ට එන්.ජී.ඕ සත්කාර – නිලධාරීන්ගෙන්ම විවේචන

පසුගිය 27 සහ 28 දින වල බේරුවල ප්‍රදේශයේ හෝටලයකදී මැතිවරණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස්වරුන්ට සහ කොමිසමේ නිලධාරීන්ට එන්...


Read More

වී වගාවට සහ සහල් කර්මාන්තයට වින කටින්නේ සහල් මාෆියාවක්ද නැතහොත් තිරිඟු පිටි මාෆියාවද?

වි වගාව සහ සහල් කර්මාන්තය විනාශ කිරීම සඳහා දීර්ඝ කාලයක් තිස්සේ ක්‍රියාත්මක වූ ක්‍රියාවලිය රටේ ආහාර සුරක්ෂිතතාවය අනතුරට ලක් ...


Read More