පුරවැසි කොලම

මම නව නිපැයුම්කරුවෙක් පර්යේෂකයෙක්. ඒ සඳහා මාව හදුනාගන්න මට නව නිපැයුම්කරුවන්ගේ කොමිසම මඟින් හැඳුනුම්පතක් ලබා දීලා තියෙනවා. මම නව නිපැයුම්කරුවෙක් විදිහට ජාත්‍යන්තරය ජයගත් පුද්ගලයෙක්. ස්වීට්සර්ලන්තයේ රන් පදක්කම් ලාබියෙක්. ජනාධිපති සම්මාන ලාබියෙක්.

නව නිපැයුම්කරුවකු විදිහට මට අද ලොවම මවිත කරන බිහිසුණු කොරෝනා වෛරසයට ප්‍රතිකාරයක් හඳුන්වා දෙන්න පුළුවන් වෙලා තියෙනවා. මම වසර තුනක් තිස්සේ කරන ලද පර්යේෂණයක ප්‍රතිඵලය තමයි මේ බෙහෙත.

මම දැනගෙන හිටියෙ නැහැ කිසි දිනෙක කොවිඩ් 19 නැත්නම් කොරෝනා කියලා වසංගතයක් ලෝකෙ විනාශය කරා රැගෙන යයි කියලා. නමුත් මම පර්යේෂකයෙක් විදිහට වයිරස් එකකට ප්‍රතිකාරයක් හොයා ගන්න හිතුවා. ඒ දැනට වසර තුනකට පෙර.

මම පළමුව කළේ මිනිසාට හානි කළ හැකි ප්‍රබල වෛරසයක් නිර්මාණය කරන එක. දෙවනුව එම වෛරසය විනාශ කරන්න ක්‍රමයක් අවශ්‍ය උනා. මේ බෙහෙත හදන්න මම ප්‍රයෝජනයට ගත්තෙ දේශීය ඖෂධීය ශාක වර්ග 6 ක්.

මම මේ බෙහෙත ඕනම වෛරසයක් විනාශ කරන්න පුළුවන් එකක් බව සාක්ෂි සහිතව ඔප්පු කරන්න සූදානම්. පසුගිය කාලේ පුරාවටම මම මෙම බෙහෙත විවිධ ක්‍රම වලින් අත්හදා බැලුවා.

නමුත් මේක මට ලෝකයට හඳුන්වා දෙන්න අවස්ථාවක් ලැබුණේ නැහැ. හදිසියේම පැමිණි මේ කොවිඩ්19 හෙවත් කොරෝනා වසංගත තත්ත්වය නිසා මම අද පළමුවෙන්ම හඳුන්වා දෙනවා.

මම කරන්නෙ අභියෝගයක්. මට පුළුවන් කොරෝනා වසංගතයට මම ගොදුරු වෙලා සුව වී පෙන්වන්න. එසේ නැත්නම් කොරෝනා වෛරසය සහිත රෝගියෙකුට මෙම බෙහෙත ලබාදෙන්න අවස්ථාව සලසා දෙන්න. රෝගියාට මෙම බෙහෙත දීමට පැය බාගෙකට පෙර මම බොනවා. මේ බෙහෙත අතිවිශේෂ විදිහට නිෂ්පාදනය කරලා තියෙන්නේ.

මේ බෙහෙත බිව්වහම ශරීරය තුළ තියෙන ප්‍රතිශක්තිකරණ හැකියාව තුන් ආකාරයකින් වැඩිකරනවා. කොරෝනා හෝ මොනයම් වෛරසයක් ශරීරය තුළ තිබුණත් දෙවිදියකින් පහරදීලා එම වෛරසයේ ශක්තිය හීන කරනවා. ඒ වගේම මෙම බෙහෙත පාවිච්චි කරන පුද්ගලයාට තම ශරීරයේ ප්‍රතිශක්තිකරණ හැකියාව වර්ධනය වන බව දැනෙනවා. ඒ දැනීමත් එක්ක මානසික ආතතිය අඩු වෙනවා. ඒ තුළ සිදුවන්නේ රෝගියා සුවපත් වන එකයි.

මම මේ දෑත් එක්කොට ජනාධිපතිතුමාගෙන්, අගමැතිතුමාගෙන්, සෞඛ්‍ය ඇමතිතුමියගෙන් හා අදාළ බලධාරීන්ගෙන් ඉල්ලනවා, කොරෝනා වසංගතයට ගොදුරු වී ඇති මිනිසුන් වෙනුවෙන්, ලෝකයක් විපතට පත් වී ඇති ව්‍යසනකාරී මේ අවස්ථාවේ එම රෝගීන්ට සුවය ලබා දෙන්ට මේ බෙහෙත ලෝකයට හඳුන්වා දෙන්න මට අවස්ථාව ලබා දෙන්න කියලා.

ඕනෑම වෛද්‍ය මණ්ඩලයක් නම් කරන්න.එම බලධාරීන් නියම කරන ඕනෑම නීති, රීති, කොන්දේසි වලට යටත්ව පළමුව මම වෛරසය ශරීරගත කරගෙන මෙම බෙහෙත පාවිච්චි කර නිරෝගී වී පෙන්නනවා. නැත්නම් මෙම පරීක්ෂණය සඳහා සුදුසු අයෙකු නම් කරන්න. මට දිය හැකි සහතිකය වන්නේ පළමුව මට කොරෝනා රෝගියකු වී මම සොයා ගත් මෙම බෙහෙතෙන් නිරෝගී වෙන්න අවසර ලබාදෙන්න. නැත්නම් රෝගියෙකුට ප්‍රතිකාර කරන්න අවසර දෙන්න.

දැන් මේ වසංගතය ජාතික වශයෙන් පමණක් නොවෙයි ජාත්‍යන්තරයම ගොදුරු වී හමාරයි. බල බල ඉන්න කාලයක් ඉතුරු වී නැහැ. වහා ක්‍රියාත්මක විය යුතුයි.

මම නව නිපැයුම්කරුවකු සහ පර්යේෂකයෙක් විදිහට පේටන්ට් බලපත්‍ 14 ට හිමි කම් තියෙනවා. ඒ 14 න් 05 ක්ම බෙහෙත් වර්ග සොයා ගැනීම වෙනුවෙන් ලැබුණු ඒවා.

මම මේ හැම පර්යේෂණයක්ම අත්හදා බැලුවේ මගේ ශරීරයටම එම බෙහෙත එන්නත් කරගෙන, නැත්නම් බීලා.

– mawbima



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More