පුරවැසි කොලම

ඔබ දැක්කද?

April 5, 2020 12:10 am | Lanka Lead News

ොමුලතිව් දිස්ත්‍රික්කයේ සමෘද්ධි බැංකුව අසළ රජයෙන් ලබා දෙන රැ10000 ගන්න ග්‍රාමීය දෙමළ ජනතාව පොදි කමින් රැස් වුනේ ඇයි කියලා.

පහුගිය වසර 05 පුරා මධ්‍යම රජයෙන් ග්‍රාමීය දිළිදු,භාවය ඉහළ නැංවීමට පළාත් සභාවට වෙන් කරපු මුදල් සියල්ල උතුරු පළාත් සභාව ආපහු භාන්ඩාගාරයට එව්වා.

උතුරු ප්‍රදේශයේ ජන ජීවිත නංවා ලන කිසිම රැකියා උත්පාදිත කර්මාන්තයක් වැඩ සටහනක් දියත් කරන්න දෙමළ සංධානය ඉඩ දුන්නේ නෑ.

ඔවුන් උතුරේ දුප්පත්කම නඩත්තු කලා

ඒ ඇයි?

ජනතාවගේ ද්‍රරිද්‍රතාවයට හේතුව බෙදී වෙන් නොවීම බව ඒත්තු ගන්වන්නට ඔවුන්ගෙි දේශපාලන බලය පවත්වා ගන්න දුප්පත්කම භාවිතා කලා.

සාමාන්‍යයෙන් උතුරැ පළාතේ ද්‍රරිද්‍රතාවය වැඩිම දිස්ත්‍රික්කය මුලතිව්.

පසුගිය වසර 05 පුරා මධ්‍යම රජයට මේ දිස්ත්‍රික් නගා සිටුවන්න දෙමළ සංධානය ඉඩ දුන්නේ නෑ.

අද තමන්ගේ ජනතාව මේ කොරා්නා වසංගතය තුළ අසරණ වෙනකොට සුමන්දිරන්ලා ඉල්ලන්නේ මොනවද?

පාර්ලිමේන්තුවේ වරප්‍රසාද වලට මුවා වෙලා බෙදී වෙන්වීමට අදාල කථා ලෝකයට බෙදා හරින්න . මොකද ඔවුන්ට එළියේ කරන්න බැරි ඉල්ලීම් බල තුළනයක් නැති පාර්ලිමේන්තුවේ කරන්න පුළුවන්

අද දෙමළ සංධානයේ මන්ත්‍රී වරු උතුරේ ජනතාව දෙස බලන්න නෑ.

අද හමුදාව සහ රටේ සංඝරත්නය උතුරේ දිස්ත්‍රික් වල ජනතාවට සහනාධාර අරං ගිහිං බෙදනවා.

මේ වෙලාවේ දෙමළ සංධානය පහුගිය යහපාලන අාන්ඩුව වගේ රජයක් තිබ්බනම් උතුරේ හමුදාව සහ සිවිල් සංවිධාන සහ බෞද්ධ භික්ෂුන් කරන කාර්යයන් නතර කරනවා.

අද දෙමළ ජනතාව ගැන.කිඹුල් කදුළු හෙලන දෙමළ ඩයස් පෝරාව නෑ

NGO නඩ ඇවිත් නෑ.

හමුදාවයි රජයයි දකුණේ පරිත්‍යාග ශීලීන් විතරයි.

මේ වසර පහ ලංකාවට පවතින ආන්ඩුව අවශ්‍ය වෙන්නේ දකුණට විතරක් නෙවේ.

උතුරේ ජනතාව ආර්ථික අතින් ඉහලට ගන්න නොදී බලහත්කාරයෙන් යටකරගෙන ඉන්න උතුරු දේශපාලනයෙන් මුදවා ගන්න පවතින ආන්ඩුව අවශ්‍ය වෙනවා.

දකුණේ ආන්ඩුව දෙන කිසි දෙයක් එපා කියන උතුරේ කුහක දේශපාලනයට

උතුරේ සමෘද්ධි බැංකුව ඉදිරියේ පොදි කන ජනතාවට දෙන්න දෙයක් නෑ

අැදිරිනීතිය හමුවේ ගෙවල් වල හිර වෙච්ච ජනතාවට කෑම ටික සපයන්න බෑ.

යුරෝපය කොරෝනා තුළ හිර වීම තුළ දෙමළ ඩයස්පෝරාවට උතුරේ,ජනතාවට හෙන ගැහුනත් බලන්න ඕන කමක් නෑ.

අන්තිමට ආන්ඩුවයි චීවරයයි දකුණේ සිංහලයගේ හොද හිතයි පමණක් උතුරට ඉතුරැ වුනා.

මෙය උතුරේ සාතිශය දමිළ ජනතාවට වටහා දෙන්න මේ ආන්ඩුව නව රජය තුළ අනාගතයේ සමත් වීම

ලංකාවේ වාර්ගික අර්බුදයේ දෙමළ දේශපාලනයේ

දේශපාලනික අවි ප්‍රහාරය ජනතාව ලවා පරාද කරවා ගන්න සමත් වෙනවා.

එයට ශක්තිමත්ම කොටස වර්ථමාන ආන්ඩුව විතරයි.

………… නුවන් මොණරවිළ ……………



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More