පුරවැසි කොලම

කොවිඩ් වසංගතය ශ්‍රී ලංකාව තුල පැතිර ඇත්තේ එක් එක් පවුල් ආශ්‍රිතව 3-A තත්වයේ බවත් ඒ මට්ටමෙන් එහාට වෛරසය ව්‍යාප්ත වුවහොත් එය පාලනය කර ගැනීමට රටක් විදිහට ලොකු වෙහෙසක් දරන්නට සිදුවන බව රසායන විද්‍යා මහාචාර්ය ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ උප කුලපති ජයන්ත ලාල් රත්නසේකර මහතා පවසයි.

කොවිඩ් වසංගතය ශ්‍රී ලංකාව තුල මේවන විට පැතිර ඇත්තේ එක් එක් පවුල් ආශ්‍රිතව 3-A තත්වයේ බවත් රටක් වශයෙන් සෞඛ්‍ය උපදෙස් පිළිපදිමින් බාහිර පුද්ගලයින් සමඟින් අතේ දුරින් සිටිමින් සමාජ දුරස්ථ භාවයක් රඳවාගත හැකි බවත් එය මේ අවස්ථාවේදී ශ්‍රී ලාංකිකයන් වශයෙන් අනිවාර්යෙන්ම කළ යුතු වගකිමක් බවද උපකුලපතිවරයා සඳහන් කළේය.

මෙහිදී රජයට යෝජනා කිහිපයක්ද ඉදිරිපත් කරමින් උපකුලපතිවරයා මෙසේද සඳහන් කළේය.

” මේ වෛරසය අප හොයන් ගෙදරට එන එකක් නොවෙයි. මේක අපිම ගිහින් අපේ ගෙදරට අරන් එන දෙයක්. අපි මේ අවස්ථාවේදී කළ යුත්තේ ශ්‍රී ලංකාවට යම් තරමට බලපා ඇති මේ වසංගතය ඒ තරමින්ම පරාජය කිරීමට රජයටත්, සෞඛ්‍ය හා ආරක්ෂක අංශවලටත් සහය දැක්වීමක් විතරයි. සමාජ දුරස්ථභාවය අපි අපිම රැක ගත යුතුයි.

මේ වසංගතය ශ්‍රී ලංකාවට පැමිණිමත් සමඟ අපේ රටේ දක්ෂයන් දැඩිසත්කාර ඇඳන් නිර්මාණය කරන්න පටන් ගත්තා. ඒ වගේම වෛරසය ආසාදනය වී ප්‍රතිකාර ලබන රෝගීන්ට ඖෂධ ගෙන යාමට නවීන තාක්ෂණය භාවිත කරමින් රොබෝ යන්ත්‍ර පවා නිර්මාණය කරන්න සමත් වුණා. සියළු දෙනාම ජාතිකත්වයකින් තොරව ශ්‍රී ලාංකිකයන් වශයෙන් මේ ව්‍යවසනය පරාජය කිරීම සඳහා සහය දුන්නා. මනුෂ්‍යත්වය කියන දේ දැක්කා. මේකයි රටක දියුණුවකට විය යුත්තේ.

ඒ වගේම රටේ පාරම්පරික කෘෂි කර්මාන්තය, සෑම නිවසකම ගෙවතු වගා ක්‍රමයක් ඇති කරලීම, කුළු බඩු ඇතුළු නව නිෂ්පාදනය ඇතුළු නිමැවුම් ක්ෂේත්‍රයේ දියුණුව වෙනුවෙන් රජය වැඩ පිළිවෙලක් සකස් කළ යුතුයි. අපේ ඒ වගේම ඇඳිරි නිතිය ලිහිල් කොට නගරයේ කඩ සාප්පු අරිනවා වෙනුවට සෑම පලාත් පාලන ආයතනයක්ම සම්බන්ධ කර ගනිමින් එක් ගමකට ඇති කඩයක් විවාත කර තබන්නේ නම් ගමක සමාජීය දුරස්ථභාවය මේ ව්‍යවසනකාරී වසංගතය දුරුවන තෙක් රඳවා ගැනීමට යෝග්‍ය ක්‍රියාමාර්ගයක් බව සඳහන් කරන්න කැමතියි. එතුළින් ඇඳිරි නීති විවේකයේ සැවොම එක වර පැමිණීමෙන් සිදුවන සමාජ ඒකරාශී වීම බෙහෙවින් අවම කර ගන්න පුලුවන්. නගරයට පැමිණෙන පිරිස එතුළින් 90%ක්ම අවම වනු ඇති. එතුළින් වෛරසය රට තුල පවතින තත්වයෙන් බාහිර සමාජයට පැතිර යාමේ ප්‍රවණතාව නිසැකයෙන්ම අඩු වන බව කිව හැකි ” යැයිද මහාචාර්යවරයා කිය.

– මව්බිම



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More