දේශීය පුවත්

ශ්‍රී ලංකාවේ සමාජය තුල රෝගය බෝ කරමින් සිටින සැක කටයුතු රෝගීන් හඳුනා ගැනීම සඳහා ස්ක්‍රීන් පරීක්ෂණ කිරීමේ තීන්දුව මේ වන තුරු නිෂ්චිතව ප්‍රකාශයට පත් වී නැත. එහෙත් එම තින්දුව ගන්නේ නම් ඒ සඳහා අවශ්‍ය පී.සී.ආර් පරික්ෂණ පහසුකම් ශ්‍රී ලංකාව තුල ඇති තරම් තිබෙන බවත් අවශ්‍ය නම් දිනකට පරීක්ෂණ 10,000 (දස දහසක්) වුවත් කළ හැකි බව වාර්තා වේ. ඒ අනුව නව හදිසි පරීක්ෂණ කට්ටල අවශ්‍ය වන්නේ එම ප්‍රමාණය ඉක්මවා යන අවස්ථාවක පමණක් බවද වාර්තා වේ.

මෙන්න එම පහසුකම්

  1. වෛද්‍ය පර්යේෂණ ආයතනයේ යන්ත්‍ර 10 ක් ඇතුළුව සෞඛ්‍ය දෙපාර්තමෙන්තුවේ රෝහල් වල පී.සී.ආර් (RT.PCR) යන්ත්‍ර 20 ක්
  2. විශ්ව විද්‍යාල පද්ධතිය සහ රජයට අයත් පර්යේෂණ ආයතන 4 ක යන්ත්‍ර 36 ක්
  3. පෞද්ගලික රෝහල් සහ පර්යේෂණාගාර වල යන්ත්‍ර 06 ක්
  4. ක්ෂය රෝගය මර්දන ආයතනයේ 31 ක් සහ මැලේරියා මර්ධන ආයතනයේ 1 ක් වශයෙන් යන්ත්‍ර 32 ක් ( මෙම යන්ත්‍ර මිලදී ගැනීමේදී සිදුවී ඇති තාක්ෂණික අඩුපාඩුවක් නිසා ඒවා සෘජුව පී.සී.ආර් පරීක්ෂණ සඳහා භාවිත කිරීමේ ගැටළුවක් තිබෙන බව වාර්තා වේ. )
  5. එච්.අයි.වී ඒඩ්ස් වැඩසටහනට අයත් යන්ත්‍ර 01 ක්
  • ශ්‍රී ලංකාව සතුව මෙතරම් පහසුකම් ඇතත් සමස්ථ ඉන්දියාව කොරෝනා පාලනය සඳහා යොදාගෙන ඇත්තේ රජයේ පර්යේෂණායතන 132 ක් සහ පෞද්ගලික 51ක් පමණි.

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More